මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, October 3, 2013

පැගිරි සුවදක්

කවි ලියන්නේ කොහොමද
ඔබ නො එන බව දැන දැනම
ඉස්සරම දවසක
දෙනෙත අද්දර දැවටුන
ලෙමනේඩ් රස බැල්මක
පැගිරි සුවදක්
තවමත් හදෙහි දැවටෙන...

7 comments:

  1. ඇඹුල් මතකයක් වගේ?

    ReplyDelete
    Replies
    1. මතක ඇත
      ඇඹුල් රස
      පැණි රස
      වාගේම තිත්ත රස... ;)

      Delete
  2. කවි ලියනුයේ කෙලෙසද
    කවි ලියන හැටි නොම දැන
    රීතිය කඩන කවි
    කුකවි මිස අන් කවර කවි වෙද

    ReplyDelete
    Replies
    1. සිතේ ඇති දේ
      අකුරු කරනට
      නීති දැන ගත යුතු වෙද
      'ලියන හැටි'කියා දෙයක් නැත
      ඒ සිතෙන් හදාගත් දෙයක් වෙද?
      අනික
      'ඇනොනිමස් යනු'
      කොන්ද පණ නැති අය වෙත... :D

      Delete
  3. ලෙමනේඩ් කියන වචනෙ මෙතෙන්ට හරි යනවද?

    ReplyDelete
    Replies
    1. ඒගැන එච්චර හිතුවේ නෑ දිලිනි....
      ලස්සනයි කියලා හිතුනා.

      Delete
    2. matath kavi liyanna asa hithuna.
      hodai..

      Delete