මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, November 15, 2013

අතීතයත් හෙට දවසත් නුඹයි මට

රැහැයි ගී සද්දෙට හිත නිදි වරනා රෑට
නුඹ පා තබයි හැම හීනෙන් හීනයට
පුරුදු සුවද ඉවකල කල හිත් කොනට
කුමටද කුමරි සැප නුඹ මාලග නැති කලට

පෙරදින හිත සිම්බ පෙම් කවියක රහට
ගල්කණු මත්වුනා සරසවි බිම් කඩක
පෙම් පිය ගැට පෙලෙහි මුදුනත පෙනුන
දිනයක වෙන්වුනා එක හිත දෙතැනකට

හිමි බැති පතිනි පත්තිනි පෙම පුද ඔහුට
නොකිලිටි නාමලක් පිපුනෙද හිමි නමට
නා ගස් අසල හිද සිපගත් මල් සුවද
මතකෙට නො එද අද වුව හිමි නැති රැයක

පැරද පලා ගොස් තනිවම උන් කලෙක
බමරුන් සිඹින මල් දුටුවෙමි අපමණක
තනි යහනතක හිද දකිනා සිහිනයක
අතීතයත් හෙට දවසත් නුඹයි මට

3 comments:

  1. //අතීතයත් හෙට දවසත් නුඹයි මට// අපූරු කවි කල්පනාවක්....

    ReplyDelete
  2. උබත් මාසෙටම එකපාරයි වගේ :D

    ReplyDelete