මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, December 1, 2012

පැන....

මම කවියක් වෙලා
හිස් අහසෙ ඇලවුනොත්
හැමදාම හද බලන අතරෙදි
කියවනවද මාව?

මම සුවදක් වෙලා
ඒ හිසෙහි ගැල්වුනොත්
ඉඹිනවද මාව?
ඒ හිස සිඹින අතරෙම

මගේ හිස් හදවත
දොර ලගින් තියුවොත්
ඇර බලනවද ඒ දොර?
නිකමට...
ගෙයි දොර අරින අතරෙම...

හරිම උණුසුම්
නුඹ ඉන්නා කුටිය...

1 comment:

  1. මම සුවදක් වෙලා
    ඒ හිසෙහි ගැල්වුනොත්
    ඉඹිනවද මාව?
    ඒ හිස සිඹින අතරෙම


    සිඹිනට සුවදක් නොම විය
    කඳුලට තෙත් වූ පුළුන් කැටිය මිස
    සිඹිනට දේ නම් හිස අත ගා
    සිඹිමි මා හද සුවද ගලන තුරු
    *****************************************
    මගේ හිස් හදවත
    දොර ලගින් තියුවොත්
    ඇර බලනවද ඒ දොර?
    නිකමට...
    ගෙයි දොර අරින අතරෙම...

    හිස් නැත ඔය හදවත
    තබනට දොර පා මුල
    පෑගී යන්නට පෙර
    තුරුලට ගනිමි මම
    ************************************


    හරිම උණුසුම්
    නුඹ ඉන්නා කුටිය...

    දුටිමි ඒ බව
    දැවුණ සිත්
    ඇතිය ගිනි ගත්
    මා හදෙහි සුවට පෙම් බැඳී ..

    ReplyDelete