මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, February 15, 2013

"ඒත් මම අද බිව්වා..."

"මට පිස්සු"
ඔව් උඹ හරියටම කිව් හැටි
හදවත පාරවා හිත සූරලා ගෙන
වචන ගලපන
උඹේ ඔය අපූරු මුව පොඩිය...

ඉස්සර මා කියන
වචනයක් පාසාම මට ආදරෙයි කියු...
අපූරු මුව පොඩිය...
සිප ගත්ත පැයකට වතාවක්...
සමහරක් වෙලාවට ඊටත් ටිකක් වැඩිපුර...

නාදලු වලට
වැඩිය පොඩ්ඩක් සෝසය
ඔය දෙතොල්...
මගේ ආදර සෝසා....

අරක්කු කාලකුත්
දැන් බර වැඩිය
දවසේ සොච්චමට
බනින්න එපා ඔච්චර සෝසා..
"ඒත් මම අද බිව්වා..."

3 comments:

  1. මොනවට ද අනේ බනින්නේ..

    ReplyDelete
  2. හ්ම්ම් මට පැහැදිලි නෑ නේ අක්කියෝ.

    ReplyDelete
  3. විඳින විඳවන ජීවිතය . . .

    ReplyDelete