මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, April 25, 2012

ගර්භ

දරුවන් වදමි...


 

උන්

අහුලා කන තැන්

නිදන බිම්

නොදනිමි....


 

දිය ඇල්ලක්ව ගලා  යමි...

පිපාසිත මුව

සනසමි...


 

අවර්ණව හිදිමි...

සුවද

රස

නොදන්නා

පැණි බීම බොමි...


 

දරු පෙම

කාසි කරනෙමි...

5 comments:

  1. දරුවන්ට පෙම් නොකර
    දරුපෙම විකුණන...


    වාරණයට හසු නොවී
    කවිගොතන අපූරුව....

    ReplyDelete
    Replies
    1. පෑනට
      හෙජාබ්(මුස්ලිම් කාන්තාවන් සිරුරම වැසෙන සේ අදින ඇදුම...) අන්දවා නැත...

      Delete
  2. දරු පෙම
    කාසි කරනෙමි...

    ප්‍රේමයක් වේ නම්
    උන්ගේ දුක විකුණ
    සොයාවිද කාසි උන්

    ReplyDelete
    Replies
    1. මුහුන දී නැති දේ ගැන,
      මට නම් හරියටම කිව නොහැක...
      සමහර විටක
      නොදන්නා හිත් කොනක
      නොකියනා දරු පෙමක් තිබිය හැක...
      :):)

      Delete