මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, April 22, 2012

බල්ලාට ගිය ප්‍රේමය...

නැවතත් නොදැකම
දැල්වුන
හැගුම් සිලු...

ඇසීමෙන්
පෑරුනු
හදවතේ
අහු කොනක
අමතකව ගොස් තිබි
තුවාලය...

පෙම්බර වදන්
අමතක....
නමින් අමතන
කාලය වෙනස් කල
නොවෙනස්ව හිදිනට
සපථ ප්‍රෙමය....

සුපුරුදු සිනා හඩ
දුරකතන රැහැනක වෙලී
සැතපුම් ගනනක්
දුර පැමින...

දැන් ඉක්මනින්
එත හැකි...
අධිවේග මග ඇති...

ඒත්
මහ මග
සුනඛ මලකුණු
තිබිය හැකි...

5 comments:

  1. ඉදිරියට පමණක්ම
    යා හැකි
    පසු පසට යා නොහැකි..
    ආපසු හැරවුම් නැති
    නිෂ්ක්‍රමණයන් පමනක්ම ඇති
    මගක අපි
    සුනඛ මලකුණු මැදින්
    අධි වේගයෙන්........

    ReplyDelete
    Replies
    1. සමහර තැන් වලින්
      හැරෙන්නට හිතුනත්
      හැරෙන්නට බැරි...

      Delete
  2. ලස්සන අදහසක්..

    ReplyDelete
  3. හරිම ලස්සන අදහසක්.. දිගටම ලියන්න.. ඔබට ජය..!

    ReplyDelete
  4. බොහොම ස්තුතියි...:)

    ReplyDelete