මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, June 4, 2012

ෆැන්ටසිය....



ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


කහපාට මල්පිපුන මග දිග

දෙ අත් පටලමින්  යන..

ෆැන්ටසිය රැගෙන ගොස්...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


සිනමා සිත්තමක

නලුවා නිලිය වෙත

සෙනෙහසේ හාදුවක් දෙන

ෆැන්ටසිය රැගෙන ගොස්...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


හිනාවත් තහනම්ව තිබු

විසි වසක් එහා අතීතය

හොරෙන් අත තැබු ලියමනක

තිබු සුමිහිරිබව රැගෙන..


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


කුස උපන් දියනියට

පෙම් නොකලයුතුබව කියාදෙන

අද වගේ දවසක...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


පලමු පෙම හරි විසය

දිවිතුරා හද රිදෙත...

පලමුපෙම කිසිදාක

නොකරන්න...

ඔවදනක් දෙමි දුවට...


අතරතුර,

ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


10 comments:

  1. ෆැන්ටසි කියන දේත් පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ

    ReplyDelete
  2. ඔව් ඒක ඇත්ත....:)

    ReplyDelete
  3. තමන් කරලා තමන්ගේ දුව ට එ දේ කරන්න එපා කියන එක සාධාරණ නැහැ.

    ජිවිතේට ෆැනටසියක් නැත්නම් වැඩක් නැහැ කියලයි මට හිතෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒත් අම්මා කෙනෙක් වුන දාක තමන්ට වැරදුනු තැන තමන්ගේ දුවට වරදින්න දෙන්න අම්මා කෙනෙක් ඇමති වෙන එකක් නැහැ මම හිතන්නෙ...:)

      Delete
  4. /කුස උපන් දියනියට
    පෙම් නොකලයුතුබව කියාදෙන
    අද වගේ දවසක.../
    මට හිතෙන්නේ වරද ආදරයේ නෙමේ.එයාලා ඒක තේරුම් ගත්ත විදිහේ. ඔන්න අදත් වැරදි තැනකින් අල්ලගන්නවා හෙම නෙවෙයි. ජය..!

    (මම අදහස් දක්වන්නෙත් ව්‍යංගයෙන්.හුගක් රිප්ලයි දකින කොට මට හිතෙනවා මම කියපු දේ ඔයාට තේරිලා නෑ වගේ කියලා.)

    ReplyDelete
    Replies
    1. හි හී...අද නම් හරි විදියට තේරුම් ගත්තා කියලා මම හිතනවා.කොහොම උනත් පලවෙනි ආදර කතාව අනිත් ආදර කතාවලට වැඩිය වෙනස්...:)

      Delete
  5. පළමු පෙම නොකර කොහොමද දෙවෙනි පෙමක් කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කියන්නේ.ඒත් එහෙම කරන්න පුලුවන් නම් හොදයි..:)

      Delete
  6. Monday, June 4, 2012
    ෆැන්ටසිය....



    ඔබ එදා වාගෙම එන්න...
    පෙනී නොපෙනී සිනාසී යන්න...

    කහපාට මල්පිපුන මග දිග
    දෙ අත් පටලමින් යන..
    ෆැන්ටසිය රැගෙන ගොස්...

    ඔබ එදා වාගෙම එන්න...
    පෙනී නොපෙනී සිනාසී යන්න...

    සිනමා සිත්තමක
    නලුවා නිලිය වෙත
    සෙනෙහසේ හාදුවක් දෙන
    ෆැන්ටසිය රැගෙන ගොස්...

    ඔබ එදා වාගෙම එන්න...
    පෙනී නොපෙනී සිනාසී යන්න...

    හිනාවත් තහනම්ව තිබු
    විසි වසක් එහා අතීතය
    හොරෙන් අත තැබු ලියමනක
    තිබු සුමිහිරිබව රැගෙන..

    ඔබ එදා වාගෙම එන්න...
    පෙනී නොපෙනී සිනාසී යන්න...

    කුස උපන් දියනියට
    පෙම් නොකලයුතුබව කියාදෙන
    අද වගේ දවසක...

    "ඔබ එදා වාගෙම එන්න...
    පෙනී නොපෙනී සිනාසී යන්න...

    පලමු පෙම හරි විසය
    දිවිතුරා හද රිදෙත...
    පලමුපෙම කිසිදාක
    නොකරන්න...
    ඔවදනක් දෙමි දුවට..."

    දුවට විතරක් නෙමෙයි පුතාටත් කියන්න ඕන... පලමු පෙම හුගාක් සුන්දරයි.. ඒත් වියෝවෙන් පස්සේ අමතක කරන එක කවදාවත් වෙන්නේ නැති දෙයක්...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...:)

      Delete