මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, June 2, 2012

රාග...Simply Lust




අපි ගිනි උදුන ලග වාඩිවෙලා හිටියා.මම හිටියෙ පහසුම ඉරියව්වෙන්.එරමිණියා ගොතාගෙන.තවදුරටත් කාටවත් පේන්න වෙන කෙනෙක් වගේ හැසිරෙන්න උවමනා නැහැ.ගිනි උදුන සිතට ප්රේමය ගෙනාවා.වරදවා වටහා ගන්න එපා. ප්රේමය ...ආදරය නොවෙන.ආදරය......... ලෙන්ගතුකම.....  දයාව.... අනුකම්පාව හා බැදී පවතින...ඒත් ප්රේමය හරි සරලයි,බැදී පවතිනවා රාගයත් සමග .රාගයේ උත්කෘෂ්ඨතම අවස්ථාවෙන් පස්සෙ රාගය අප්රිය බවට පත්වෙනවාත් එක්කම ප්රේමය නැතිවෙලා යනවා.

ප්රේමය අතරතුර,රාගය අතරතුර ආදරයක් ඇතිවෙලා නැත්නම් ප්රේමයේදී රාගයේදී තමන්ගේ ඉතිරි අර්ධය බවට පත්වුන පුද්ගලයා අමතක වෙලා යනවා.අමතක කරන්න උත්සාහ ගන්නවා.නොසලකා හැරීම් වලට බාජනය වෙනවා.නමුත් ආදරයක් ඇති වුනානම්.දයාව අනුකම්පාව සමග ජීවිතය බෙදා ගැනීමක් බවට හැරෙනවා.

 

ඔහු මට බියර් වීදුරුවක් තොලගාන්නට ආරාධනා කලා.ප්රතික්ශේප කිරීමක්.තිත්ත අප්රසන්නතාවයට මගේ ඇති අකමැත්ත නොබියව කියා පෑමක්.ඔහු බියර් වීදුරුවක් පුරවා ගත්තා.තවත් ආරාධනයක්.

"ඔයා ඔය හිතන්නේ ඔයා ගැන විතරයි.මම බියර් බොනවද කියලා ඇහුවට අකමැතිනම් මොනවද බොන්නෙ කියලා ඇහුවෙ නැහැ"

 

"සමාවෙන්න.ඔයා මොනවද බොන්නෙ."

 

"වයින්"

 

ඔහු එතනින් නැගිට ගියා.මොහොතකට පසුව නිරුවත් කකුල් දෙකක් මා අසලට ආවා.මගේ ඉදිරියෙන් ඉද ගත්තා.ප්ලම් වයින් සමග වීදුරු දෙකක්.ඔහු එරමිණියා ගොතා ගත්තා.මම වගේම. ඔහු කැමතිම ඉදගැනීමේ ක්රමය.

 

ඇස් හතරක් එකිනෙකා දෙස බලාගෙන ඉන්න පටන් ගත්තා.වයින් වීදුරු එකක් පසුපස තව එකක්.මත්වුන ස්වබාවයකට පත්වෙන තුරු.ගිනි උදුන තිබෙන කාමරයේ පොත් රාක්ක හතරක්.මගේ පුන්චි පොත් අල්මාරිය පිලිබදව මට ලජ්ජා කරවන.ඔහු විසින් අදින ලද චිත් හැමතැනම.මා විසින් තේරුම් ගන්නට අසමත්.

ඔහුගේ ඇස් ටිකෙන් ටික සුපුරුදු වර්ණයෙන් වෙනත් වර්ණයකට හැරෙන්න පටන් ගත්තා.රතු පැහැය.ප්රේමයේ හෝ රාගයේ පැහැය.

 

අපි අපි දිහා බලාගෙන හිටියා.වයස තවදුරටත් බාදකයක් වුනේ නැහැ.

 

"හිතා ගන්න අපි තණතිල්ලක එකිනෙකාගේ අත් අල්ලාගෙන ඇවිදගෙනයනවා කියලා.අපේ අත් එකිනෙකාට කිට්ටුවෙන් සමීපව.මගේ හදවතේ උණුසුමත්,ඔයාගෙ හදවතේ සීතලත් අත් ඔස්සේ එකිනෙකාට සන්නිවේදනය වෙමින්." 

 

කවුලුවෙන් පිටත ස්වේතවර්ණ හිම.ඇස් ඉදිරිපිට ගිනි උදුනේ ගිනි දැල්.හිත ඇතුලත සභ්යත්වයේ හිම.හිත මතුපිට රාගයේ  රතු වර්ණය.

 

ඔහු මා දෙස තවදුරටත් බලාගෙන හිටියා.මම මගේ උරහිස් නැති කමිසයේ පිටතට පෙනෙන රෝස පාට සහ ලාකොලපාට ඔහුගේ නෙත්වලට කොයිතරම් ආකර්ෂණීයව පෙනෙනවා දැයි සිතමින්.අවුරුදු ගනන කියාපාන රැලිවැටුනු ඇස් දිහා බලාගෙන හිටියා.කොහොමටත් වයස පනහකට අඩුවෙන්.

16 comments:

  1. ඉවරද නැත්නම් තව කොටසක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අවසානයක් නැතුව අවසාන වුනාමත් ලස්සනයි නේ:)

      Delete
  2. Replies
    1. ඉතින් ඉවරයි...:)

      Delete
  3. අවසානයක් නැති අවසානයක්.. මම කැමතී...

    ReplyDelete
    Replies
    1. කැමති වීමට ස්තුතිය...:):)

      Delete
  4. obage anuwadhana hekiyawa ethama wishitai.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.ඒත් මේක අනුවාදයක් නෙමෙයි.මමම ලියපු ලිපියක්.:)

      Delete
  5. දන්නවද, හතර වතාවක්ම කියෙව්වා මම පලවෙනි කොටස පෝස්‍ටුවේ.අහවල් එක ගැන අමුතු පැහැදිලි කිරීමක්(හැදින්වීමක්).වැරදි මට තේරුන විදිහද ඔයා ලියපු විදිහද? කොහොම උනත් ඉවරයි කිව්වනේ. එහෙනම් ජය...!

    ReplyDelete
    Replies
    1. එච්චරටම නොතේරෙන විදියට ලියලද මම???කොහොමටත් කතාව නම් මෙතනින් ඉවරයි.ස්තුතියි අමාරුවෙන් හරි කියෙව්වාට ...:)

      Delete
    2. අනේ මන්දා මම කියන දේවල් ඔයා තේරුම් ගන්නෙම හරහට නොවැ.

      Delete
    3. හි ...හී එහෙමද...අනේ සොරි...:P

      Delete
  6. මාත් කැමතියි.. මට හිතුනේ මුලින්ම මේ මනුස්සයා ඇත්තටම ආත්මාර්තකාම්යි කියලා බියර් බොනවද අහලා.. බැහැ කිව්වාම තමුන් එක බොන්නේ වෙන මොනාහරි දෙන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් කියන්නෙ ....ඒත් අපි සමහර වෙලාවට ආත්මාර්ථකාමී අයට ආදරය කරනවා.:)

      Delete
  7. චී මොකක්ද ඒ කල වැඩේ?????
    ප්‍රේමයෙයි රාගයෙයි වෙනසක් තියෙනවා කියන්න හේතු මොනවාද???

    ReplyDelete
  8. හා හා පරිස්සමින්....

    ReplyDelete