මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, November 7, 2012

ෆලූඩා රස වැස්ස...

 

 

මට කාලෙකට පස්සෙ කතාවක් ලියන්න හිතුනා. මම සුපුරුදු විදිහට වැඩ ඇරිලා ඇවිල්ලා දෙන්නෙකුට කෑම හදලා.තව වැඩ ඇරිලා ආපු කෙනෙකුගේ සහය ඇතුව කෑම බාජන හෝදලා ටිකක් විතර මහන්සි වුන බිරිදකගේ චරිතය රගපාලා මට පස්සෙ වැඩ ඇරිලා ආපු මාත් එක්ක ජීවිතේම බෙදාගන්න පොරුන්දුවුන කෙනාගෙ ලැප්ටොප් එක ඉස්සරහා ඉදගත්තා. ජීවිතේ බෙදාගන්නවා නම් ඉතින් පොරොන්දුවුන විදිහට ලැප්ටොප් එකත් බෙදාගන්න ඕනනෙ.

මේ දවස්වල කවි ලියවෙන්නෙත් නෑ.කතන්දර ලියන්න උත්සාහ කරන්නෙත් නෑ.ජීවිතේ නිකන් අයිස් කැටයක් උඩට වැහිබින්දු වැටෙනවා වගේ ඔහේ දියවෙලා යනවා.උදේට බස් එකේ වැඩට යන්න හිතාගෙන නිදාගන්නවා.උදේ නැගිට්ටම කම්මැලි හිතෙනවා.රෝද තුනක් තියෙන වාහනේක ඩ්රයිවර් කෙනෙක් ඇවිත් ගුඩ් මෝනින් මිස් කියනවා.ඔපීසිය ලගට මාව ඇරලලා හෑව් අ ගුඩ් ඩේ මැඩම් කියලා ආපහු යනවා.

දවස පුරාම ඔපීසියක වැඩකරන උපාධිධාරණියකගෙ චරිතෙ රගපාලා හවසට ගෙදර එනවා.ඊට පස්සෙ බිරිදගෙ චරිතෙ.ඒක එච්චර අමාරු නෑ.හරිම ලේසියි.හරියට පැණිකජු අයිස්ක්රීම් කප් එකක් කනවා වගේ.සමහර වෙලාවට කාලා ඉවර වුනාම හෙම්බිරිස්සාව හැදෙන්න පුළුවන්.

මගේ ජීවිතේ බෙදාගන්න කෙනා ඇදට වෙලා කොටකලිසමක් ඇදගෙන නැෂනක් ජෝග්රොෆි බලනවා.හරිම අමුතුයි.ඒකෙ කවි පෙන්නන්නෙ නෑනෙ?අඩුතරමෙ චිත්රවත්...ඒත් නෑ.මොනව බලනවද මන්දා...පිස්සු නැත්නම් හොදයි.

මම හරිම කැමතියි මාව අනිත් අය දකින විදිහ දැන ගන්න.හුගක් අය එහෙම ඇගවීමක් වත් කරන්නෙ නෑ.ඒත් පුන්චිම කාලෙ මට හම්බුනා චිත්රයක්.මම මීට කලිනුත් කියලා ඇති සමහර වෙලාවට.පර්දාවකින් ඔලුව වහගත්ත ගෑනු ළමයෙක්ගෙ චිත්රයක්.ඒකෙ මම පූස් පැටියෙක් අතේ තියාගෙන ඉන්නෙ.ඒ චිත්රෙ ඇන්දෙ තාත්තගෙ යාලුවෙක්.එයා පස්සෙ හොදටම බීපු දවසක ඒ චිත්රෙ අර්ථය කියුවා. මම මේ ඉන්න විදිහ නෙමෙයිලු.මම හරිම රැඩිකල් ලු.මාව පර්දාවකින් වහලලු තියෙන්නෙ.කවදහරි අම්මගෙ අණසකින් මිදුන දවසක මගේ සැබෑස්වරූපෙ පේනවලු.ඒත් ඒ රැඩිකල් කමට යටින් පූස් පැටියෙකුට හිතපතුලෙන්ම ආදරේ කරන්න පුලුවන් කරුණාවක් තියෙන හිතක් තියෙනවලු. මම ගැන කවුරුහරි කියපු නිවැරදිම අර්ථකතනය තමයි ඒ.

ඒත් අද හදිසියෙම මම ගැන ලියවුනු දෙවනි කවිය ලැබුනා.පලවෙනි කවිය මට මතක නෑ.ඒත් ඒ උපන්දින සුබ පැතුමක්.මේත් එච්චර ලොකු දිග කවියක් නෙමෙයි.ඒත් ඒ කවියක්.මම ගැන කවුරුහරි ලියපු.ඇත්තම කියනවා නම් කවි ලියන හැමෝම තමන් ගැන කවියක් ලියවෙනවට කැමතියි.මමත් කැමතියි.ඉතින් එච්චරයි.ඒක කවියක්.කවියක්...කවියක්...

මම දැන් ආයෙමත් අයිස් කැටයක් බවට පත්වෙනවා.දියකරන වැහි බින්දු?ඔව් තව ටිකකින් වැස්ස වැටෙයි.ඒත් ඒ මේලෝ රහක් නැති වතුර වැස්සක් නෙමෙයි.ෆ්ලූඩා වැස්සක්.එතකොට මම සතුටුදායක අයිස් කැටයක් වෙලා දියවෙලා යයි.

28 comments:

  1. හිතන්න ගොඩක් දේවල් ඉතිරි කළා නේද අපට.චිත්‍රෙය් අදහස නම් නියමම තමයි. කරුමේ කියන්නේ චිත්‍ර විදින්න මං දන්නේ නැති එකනේ .භුමි දර්ශන නම් රස විදිනවා. ඔබ ගැන යමක් ඉස්සරහට කියන්නම්කෝ. මොකද තාම ඔබව නිසි පිළිවෙළකට හදාරා නැති නිසා.
    දැන් යන්න අයිස් කැටයක් වෙන්න කොට කලිසම ඇදසුකෙනා නොයිවසිල්ලෙන්..හරිනේ අපි ගියා බායි...
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි කෙනෙක් ගැන මොනවා කියන්නම් කලින් එ කෙනාව හොදට තේරුම් ගන්න ඕන.:)

      Delete
  2. සුන්දර විවාහ ජීවිතයක් අක්කි.. මුළු පවුලටම සුබපැතුම්...
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි...:)

      Delete
  3. පැණිකජු අයිස්ක්රීම් වලින් පිරිච්ච ජීවිතයක්... අපිට කෝ එහෙම....ෆ්ලූඩා වැස්සක්...හ්ම් තේරෙනවා...
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම නැති වුනත් එහෙමයි කියලා හිතාගන්න ඕන...:)

      Delete
  4. වැඩිය තේරෙන්නේ නං නැහැ කියන කතාව

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඒ?මේ තියෙන්නේ ජීවිතේ රසවත් බවසහ නීරස බව...

      Delete
  5. පොඩි දැරිවියො ගැන කවියකින් දෙකකින් ලිව්වට ලොකු අය ගැන එහෙන ලියන්න බැහැනෙ...

    එයලා ගැන ලියන්න ගත්තොත් ලියන්න වෙන්නෙ කවි පොත්...:)

    ReplyDelete
    Replies
    1. අනේ පුළුවන්.වයසට ගියාට හිතෙන් පුන්චි අය ඕනෑ තරම්...

      Delete
  6. ඔය පර්දාව අයින් කරලා ටිකක් බලන්න
    ජීවිතේ ටිකක් විදින්න පුළුවන් වෙයි

    හැබැයි බැදීම් එක්ක කොහොම කරන්න පුලුවන් වැඩක්ද

    ෆලූඩා කෙසේ වෙතත්, කසාය එකක් තරමවත්....

    ReplyDelete
    Replies
    1. අපෝ පර්දාවදාගෙන හිටපු කාලෙ ඉවරයි දැන් නෑ...

      Delete
  7. මට තේරෙනවා..
    පැනි කජු , ෆලූඩා , ....
    අයිස් සහ ක්‍රිරිම් වලින් පිරුණු ජීවිතයක්.
    ඔයාඅ වැඩ කරන්නේ එලිෆන්ට් හවුස් එකේ නේද?

    ReplyDelete
  8. මට තේරෙනවා..
    පැනි කජු , ෆලූඩා , ....
    අයිස් සහ ක්‍රිරිම් වලින් පිරුණු ජීවිතයක්.
    ඔයාඅ වැඩ කරන්නේ එලිෆන්ට් හවුස් එකේ නේද?

    ReplyDelete
    Replies
    1. හි හී ඔයාට තමයි තේරුනේ...:D

      Delete
  9. මාත් හුගක් කැමති මම කවුද කියලා හරියටම තේරුම්ගෙන ඇසුරු කරන එකට.එහෙම අය අතේ ඇගිලි ගානට හිටියත් ඇති.මුළු ජීවිත කාලෙටම.තේරුම් නොගන්න අය මේ හිටියා මේ නෑ..හ්ම් ෆ්ලුඩා වැස්සක් ම්ම්ම්ම්ම ආසාවේ බෑ...කවදා වහීද...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ වහී.මේදවස් වල පායනවනෙ.:P

      Delete
  10. අපරාදෙ එදා වෙඩින් එකේ හම්බුන වෙලාවෙ ෆලූඩා වැස්සෙන් ටිකක් ඉල්ලගන්න තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. එදා වැස්සෙ නෑනෙ...ලගදි තමයි ඒක වහින්න ගත්තෙ.

      Delete
  11. හ්ම්...හිත රවට්ටගන්න..?

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම තමයි

      Delete
  12. ඉහිඉහි..
    මගේ චූටි මොලේට තේරුන්නෑ...

    ReplyDelete
    Replies
    1. ආයෙ පරක් කියවල බලන්නකෝ...

      Delete
  13. පිරිමි සේරම නැෂනල් ජියෝග්‍රෆි වලට කැමතිද ..අපටත් ලැප් ටොප් බෙදාගන්න ප්‍රශ්න එනවා . හතරදෙනෙක්ට එකපාර ලැප් ටොප් දෙකක් බෙදල ගන්නේ කොහොමද . උත්තරේ සරලයි . ශක්තිවන්තයා ජයගනී .

    අයිස් කැටේට වැටෙන වැහි බින්දු ...මට ආසම හිතුනේ ඒ කෑල්ලට .

    ReplyDelete
    Replies
    1. එකක් හතරට බෙදන්න අමාරුයි නෙ...:)

      Delete
  14. ෆලුඩා රස වැස්ස කියන එකටවඩා හොද ටයිට්ල් එකක් තිබ්බෙම නැද්ද හැබෑට...හෙහෙ...අන්තර්ගතය නම් හොදා

    ReplyDelete
    Replies
    1. ඉතින් ෆලූඩා රහයිනෙ...:)

      Delete
  15. මමත් කැමති අර ෆලුඩා අයිස් වැස්සේ කතාවට...

    ReplyDelete