මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, February 1, 2013

මම දන්නෙ නැතිලු මිනිස්සුත් එක්ක ඉන්න..

මම
දන්නෙ නැතිලු
මිනිස්සුත් එක්ක ඉන්න...

මල සමයයං
එතකොට මෙච්චර දවස්
මම හිටියෙ කාත් එක්කද?
මිනිස්සුත් එක්ක නෙමෙයිද?

දැන් තිහකටත් කිට්ටුයි
වැඩිම උනොත් ඉන්නෙත් හැටයි
මේ යන විදිහට ගියොත්...

මමත් කැමතියි
හැට හතරෙ බලෙන්
හරි විදිහට මිනිස්සුත් එක්ක ඉන්න
ගෑනුන්ගේ ඉරිසියාව දිනාගන්න..

හංස බෝට්ටු පදින්න
ෂර්ට් එක යට කරලා
ඔෆිස් කලිසම් අදින්න...

ඒත්                                
එහෙම නොකරම
මම ඉන්න දන්නේ නෑලු...

බටර් ෆැක්ටරියක
අයිතිකාරයො නොවෙන ගෑනු
දන්නෙ නැහැ ඉන්න...
එදා වගේම අදත් එහෙමයි…

මම මක්ක කරන්නද
බටර් ගාන්න බැරි එකට
 ජාන වල වැරැද්ද...

මම
දන්නෙ නැතිලු
මිනිස්සුත් එක්ක ඉන්න...

මට ඕනෙ ඉගන ගන්න
මිනිස්සුත් එක්කලා ඉන්න
පොලවේ අඩිය වදින්න...

9 comments:

  1. මම ගොඩ කාලෙකට කලින් ඔයාගෙ මෙ බ්ලොග් එක follow කලා, මං කමෙන්ට් කලා ඔයාට මතක ඇති. ඒත් මෙච්චර දවසක් මට ඔයාගෙ පෝස්ට් අප්ඩේට් උනේ නෑ. කියවන්න දෙයක් නැතුව වේලෙන වෙලාවක වැරදිලා වගේ සිංහල බ්ලොග් කියවනයට ආවහම දැක්කෙ මේක. දැන් ආයෙමත් පස්සෙන් පන්නන්නම්කො, මොකක්ද දන්නෑ උනේ

    ReplyDelete
  2. මටනම් හිතෙන්නේ අත්දැකීමෙන්ම ලියපු එකක් කියලා.කොහොමටත් ඔයා ඒ වර්ගයේ නේද?

    ReplyDelete
  3. //මට ඕනෙ ඉගන ගන්න
    මිනිස්සුත් එක්කලා ඉන්න
    පොලවේ අඩිය වදින්න...//

    මමත් ආසයි.මොනා නැතත් ඔය ටික ඉගනගත්තානම් ඇති කියලයි මම හිතන්නෙ. :)

    ReplyDelete
  4. මේවා මගේ ජීවිතේටත් බොහොම සමීප දේවල් අක්කේ. හරියට මම ලිව්ව වගේ. වෙනසකට තියෙන්නෙ මම කොල්ලෙක්. :)

    "බටර් ෆැක්ටරියක
    අයිතිකාරයො නොවෙන ගෑනු
    දන්නෙ නැහැ ඉන්න...
    එදා වගේම අදත් එහෙමයි…"

    පට්ට ඇත්තක්!

    ReplyDelete
  5. අප්පේ 30කටත් කිට්ටුද??????
    :P

    ReplyDelete
  6. මිනිස්සුත් එක්ක ඉන්න එකත් කලාවක්.
    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
  7. හෙ හෙ නියමයි.තමන් හරියට ජීවත් වෙනව නං ලෝකෙ අපි ගැන මොනා කිව්වත් කමක් නෑ.

    ReplyDelete
  8. බාහිර ආටෝපය... මිනිස්සු වැඩියෙන් බලන්නෙ ඒක වෙන්න ඇති...

    ReplyDelete