මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 3, 2013

තනිකම

තනිකම කුරුල්ලෙක් වී විත්

ගීතයක් ගයයි සවනත...

ඒ ගීයේ මිහිරි බව

මට පමනක් දැනෙන...

 

අහස් කුස,

 වැහිබිදු කවක් කොට

නොතෙත් බිම මත ලියවත

තනිකමේ කව...

 

අතින් අතගෙන ඇවිදින

රැහැයි යුවලක්

වයයි ප්‍රේමයේ වීණාව...

 

විදුලි රේඛා අහස්කුස

නුඹේ රුව සිතුවම් කරන

කලු සුදු ආලයක

මතක පොත දිගහැරෙන...

 

ඉදින් නුඹ නැතුවද

රැය තවම තරුණය

සිත තවම සසලය..


2 comments:

  1. "රැය තවම තරුණය"
    ව්‍යංගය නම් හරිම අපුරුයි.

    ReplyDelete
  2. තනිකම ද ගීයක් ය
    විෙටක සිත සනහනා....

    ReplyDelete