මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, September 1, 2013

බුදු සරණයි!



මේ රාමසාන් දවසට කලින් දවසෙ හැන්දෑව. කියුවේ  අගෝස්තු මාසේ අටවෙනිදා.හවස් වරුව පුරාවටම කන්තෝරුවේ තිබුනේ නිවාඩු සිරියක්.කට්ටිය ඔක්කෝම 'හොලිඩේ මූඩ්'එකේ. වැඩ නම් ඕසෙට තිබුනට හවස් ජාමේ වැඩිය වැඩක් කෙරුනේ නෑ.
මම ඔරලෝසුව දිහා හොරාට බැලුවා.පොඩි කට්ට හතරේ ඉලක්කමට වෙලා බලාගෙන හිටියා.දිග කට්ට  හිමීට හිමීට  ඇවිදගෙන ගියා."අපෝ වෙලාව යන්නෙත් නෑනේ.."කියලා මම හිතුවා. ටිකින් ටික දිග කට්ට දොලහේ ඉලක්කම ලගට කිට්ටු උනා. "වෙලාව පහයි..."දැන් ගෙදර යන වෙලාව. මම බෑග් එකත් අතට අරගෙන ලෑස්ති වුනා."ගිහින් එන්නම් සර්"කියලා මම බොස්ට කියුවම බොස් මට "හෑව් නයිස් වීක් එන්ඩ්"කියලා කියුවා. බොස් වගේම මමත් සිංහල බුද්ධාගමේ වුනාට මම බොස්ට "එයිඩ් මුබාරක්"(Eid Mubarak) කියුවේ විහිලුවකින් ටිකකුත් කවලම් කරලයි. බොස් නුත් හිනාවෙලා "සේම් ටු යූ"කියලා කියුවා. මුස්ලිම් කන්තෝරුවක වැඩකරන අපිට එයාලගේ සුබ පැතුම් එහෙම හොදට හුරුයි.ඉතින් මේකත් වගේ එක සුබ පැතුමක් විතරයි.
ඒත් මුලු හදවතින්ම බුද්ධාගමේ වෙච්ච කන්තෝරුවේ යාලුවෙකුට මගේ සුබ පැතුමට ටිකක් රිදුනා කියලා මට හිතුනා. එයාගේ මූණ එක පාරටම වැහිලා ගියපු වැහි වලාකුලින් විතරක් නෙමෙයි එයාගේ වචන වලිනුත් මට ඒ විත්තිය දැනුනා. "ඒ සුබ පැතුම අපිට අදාල නෑ"කියලා එයා කියුවා.
"ඉතින් සුබ පැතුවම මොකද වෙන්නේ?"කියලා මම ඇහුවා.
"ඔයාට ගෙදර යනකොට බුදු සරණයි කියලා යන්න පුළුවන්නේ" කියලා එයා කියුවා.
 "ඕන නම් පුළුවන් ඉතින්..."කියලා මම ගනනකට නැතුව කියුවා.
 "ඒ වුනත් එහෙම කියන්නේ නෑනේ...ඒ නිසා තමයි බුද්ධාගම පිරිහෙන්නේ.."කියලා එයා පණ්ඩිතයෙක් වගේ මූණ  හදලා බැරෑරුම් විදිහට කියුවා.
 "බුදු සරණයි! කියලා කියුවම රටක් දියුණු වෙනවා නම් හරි එහෙම නොකියුවම රටක් පිරිහෙනවා නම් හරි බැරියැ ඉතින්..."කියලා මම කියුවා. පස්සේ මටත් ටිකක් විතර තරහා ගියා වැඩියි කියලා මට හිතුනා.එයා ලගට ගිහින් "සමාවෙන්න.." කියලා කියන්නේ නැතුව මම "ගිහින් එන්නම්.."කියුවා.එයා මට "බුදු සරණයි"කියලා කියුවා.
එච්චරයි...
ඒත් එදා මම ගෙදර එන ගමන් සෑහෙන දේවල් හිතුවා."බුදු සරණයි"කියලා කියන්නේ යහපත සැලසෙන බොහොම වටිනා ආශිර්වාදයක් තමයි.ඒත් "බුදුසරණයි" කියලා කියුවා කියලා රටක් දියුණු වෙනවද?එහෙම නොකියුවා කියලා නොකියන කෙනා අදර්මිෂ්ඨයෙක් වෙනවද?
අපි බුද්ධාගම අදහන  විදිහ ඇත්තටම හරිද?
හැම සතියෙම පන්සල් ගියාම , බොධිපූජා කලාම ,නෙලුම් මල් ,මානෙල් මල් ලක්ෂ ගනන් පූජා කරන පූජාවලට සහභාගී වුනාම සැබෑම බෞද්ධයෙක් වෙනවද? මේ හැම දේටම හරියි කියලා මට හිතෙන උත්තරේ මම දැනගෙන හිටියා.හරියටම හරිද කියලා නොදන්න උත්තරේ නෙල්ලි ගෙඩියක් වගේ තමයි.රස පහම තියෙනවා.එක එක්කෙනාට විවිධ රස දැනෙන්නට පුළුවන්.කියවලා අහවරවෙලා මට බනින්නත් පුළුවන්.
හුගක් අය සාමාන් ජීවිතේ සෑහෙන්න වැරදි කරනවා. අඩුම තරමේ බුද්ධාගමේ පස් පවු විදිහට සැලකෙන ප්රධානම වැරදි පහෙන් එකක් වත් කරනවා.නොදැන නෙමෙයි දැන දැනම එහෙම කරන අය ලෝකෙට පේන්න සෑහෙන්න පින් කරනවා. දන් දෙනවා... වන්දනා මාන කරනවා... සිල් ගන්නවා...භාවනා කරනවා.ඒත් එහෙම කරන්නේ ඇයි? අයගේ හෘද සාක්ෂිය එයාලට තමන් කරන වැරදි ගැන කියලා වද දෙන නිසයි . පුංචි කාලේ ඉස්කෝලෙන් එක්කරන් ගියපු විනෝද චාරිකාවේදී දැකපු අපායේ හිටපු යමපල්ලො එයාලට මතක් වෙනවා.මැරුණට පස්සේ මොනවා වෙයිද කියලා හිතෙනවා.හිතේ බයට පින් දහම් කරනවා.
කන්තෝරුවේදී තමන්ගේ සේවකයින්ව කායිකව නැතත් මානසිකව හිරිහැරයට පත් කරන ලොකු මහත්තුරුන්ට ගෙදර ගියාම එයා සේවකයින්ට සලකපු හැටි මතක් වෙනවා.තමන් කලේ වැරැද්දක් නේද කියලා හිතෙනවා.හිතේ බයට සති අන්තෙට පන්සල් යනවා.අවුරුද්දකට සැරයක් මහා සඝරුවනට දානයක් පිරිනමනවා.
පිනෙන් පව් ටික කැපිලා යයි ,මැරුණට පස්සේ දිව් ලෝකේ යන්න පුළුවන් වෙයි කියලා එයාලා හිතන් ඉන්නවා.ඒත් එහෙම වෙන්නේ නෑ.පින් පොතේ පින් පව් බැංකු පොතේ වගේ හර,බැර වෙලා ශේෂය ඉතුරු කරන්නේ නෑ.අපි කරන කර්ම ඵල හැම එකකම විපාක අපිට විදින්න සිද්ධ වෙනවා.හරියටම ගැල අදින හරකෙක්ගේ පිටිපස්සෙන් එන කරත්ත රෝදයක් වගේ.
මිනිස්සු කොයි තරම් නම් හරක් නිදහස් කරනවද? අහිංසක සත්තුන්ට අතියෙන ආදරේකටද?එහෙම නැත්නම් තමන්ගේ අපලෙකින් නිදහස් වෙන්නද?ගොඩක් වෙලාවට බුද්ධාගමේ උදවිය හරක් නිදහස් කරන්නේ කේන්දර බලන ගුරුන්නාන්සේ කියපු නිසා අපලෙකින් නිදහස් වෙන්න.එතකොට ප්රාණයක් බේරාගත්තා කියන කුසල කර්මය සිද්ධවෙනවද?අපලෙකින් බේරෙන්න හරකෙක් නිදහස් කරනවට වැඩිය වතුර වීදුරුවකට වැටිලා ජීවිත දානය ඉල්ලන 'කලු කූඹියෙක්ව'පිරිසිදු හිතකින් යුතුව නිදහස් කරන එක පින්  නැද්ද? අපලෙන් බේරෙන්න හරකාව නිදහස් කරන මනුස්සයා එදාම හවස තමන්ගේ ගෙදර මුළුතැන්ගෙයි බිත්තියේ වහලා ඉන්න කැරපොත්තාව විනාශ කරන්න ක්ෂණික කෘමි නාෂකයක් අතට ගන්නේ නැද්ද?
මේවා නොසෑහෙන්න හිතන්න ඕන ප්රශ්න...
මූණු පොතේ මේදවස්වල බුද්ධාගම ගැන සෑහෙන්න කතා වෙනවා.බුද්ධාගම අපේ ආගම කියලා ඉහලින් තියන්නත් අනිත් ආගම් පහලින් තියන්නත් හුගක් අය උත්සාහ කරනවා.ලගදි දවසක මූණු පොතේ බුදු හාමුදුරුවන්ගේ පිළිමයක් උඩ ඉදගෙන ඉන්න නිරූපිකාවන්ගේ පින්තූරයක් පලවෙලා තිබුනා. පින්තූරෙට නමසිය ගනනක්ම උදවිය තමන්ගේ අදහස් ප්රකාශ කරලා තිබුනා. නිරූපිකාවන් නොදැනුවත්ව එතන ඉදගෙන පින්තූර ගත්තා කියලා මම හිතන්නේ නැහැ.ඒත් පින්තූරය මූණු පොතේ පලකරලා තිබුනේ බෞද්ධාගමට ඉතාමත් හිතැත්තෙක් යයි සිතා ඉන්නා කෙනෙක්මයි.ඔහු බලාපොරොත්තු වෙලා තිබුනේ අර නිරූපිකාවන්ගේ වැරැද්ද උලුප්පා දක්වන්න වෙන්න ඇති . එහෙම වුනත් පින්තූරයට , ඔස්සේ ලැබෙන ප්රචාරය ඔහුට අමතක වෙලා තියෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඉතාමත් හොද බෞද්ධයින් නිරූපිකාවන්ට ඉතාමත් පහත් අයුරින් බැන වැදී තිබුනා. වචන බෞද්ධාගමට කොයිතරම් නම් කැපද කියලා මම ආයෙමත් සැරයක් කල්පනා කලා.
අපි ජීවත් වෙන්නේ විවිධ ජාතීන් සහ ආගම් අදහන මිනිස්සු ඉන්න රටක විත්තිය අද හුගක් අයට අමතක වෙලා.අන් ආගමිකයින්ට සබ පතන එකත් වැරැද්දක් වෙලා.ඇත්තටම මට නම් මගේ ආගමේ මිනිස්සු පිළිබදව දුක හිතෙන්නත් පටන් අරගෙන.
නෙල්ලි කතන්දර ලියන මම වැරදියි කියලා සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන්.ඔව් එහෙම  වෙන්නත් පුළුවන්.අපි කවුරුවත්ම සියයට සියයක්ම හරියි කියලා අපිට කියන්න බෑ.
ඒත් හිමින්සැරේ තරහ නිවිලා ගිය වෙලාවක ආයෙමත් ඒ ගැන හිතන්න.
මතක තියාගන්න,බුද්ධාගම අදහන්න ඕනේ හදවතෙන් නෙමෙයි,බුද්ධියෙන්....

4 comments:

  1. මේ ගැන මගේ තියන අදහස් දසුනිගේ අදහස්වලට ගොඩක් සමානයි...කවදාහරි දවසක බුද්ධාගම සරණ ගිහින් ඒකෙන් ප්‍රයෝජන ගත්ත අතලොස්සක් කීප දෙනා අතරට අපිත් එකතු වෙනවා කියන එක නම් බය නැතිව කියන්න පුළුවන්..

    ReplyDelete
  2. ada me rate bana kiyana widiyata, pansal yanawidiyata rata diunu wenawanam ape rata tiyenna one japanetat ihalin. oyage tarke hari. eth oya dannawada oya bana ahana mamat oyat api hamomat karanne mokadda kiyala. me kanin ahala anit kanin pitakarana eka. oyagen patanganna. ape hara paddatiye widiyata suba patanna. anunta udaw karanna. neetigaruka wenna. etakota oya diha balagena oyage gedara aya eka piliwetakwat karai. gedarin yaluwanta puruduwei. issara minissu ape hara paddatiya rakagatte blog kiyawala TV balala newei. adarshaye. rata develop karanna kalin taman develop unama ibema ratath develop wei. matath api hamotamat terennatte me tika tamai. meka viwechanayak newei. mata hitunu de.

    ReplyDelete
  3. බුද්ධාගම අදහන්න බැහැ. ධර්මය අවබෝධයෙන් අනුගමනය කිරීම පමණයි කරන්න පුළුවන්. අදහන්නේ දේවවාදී ආගම්.

    ReplyDelete
  4. කාලයක් බෞද්ධයන් කිසිම සද්දයක් නැතුව හිටියා.. පිලිකාවක් උඩු දුවලා වගේ එකපාරටම බෞද්ධයෝ අන්‍යාගමිකරණයක කරවා ඔවුන් ලවා බුදු පිළිම පොළවේ ගස්සන යුගයක් ආවා... හතු පිපෙන්නා වාගේ හැමතැනකම වෙන්න ගත්තා.. පංසල් ඉඩම් වල, දුටු ගැමුණු රජුගේ සෑය ලඟ චෛත්‍යෙය් පවා සොහොන් හැදුවා... තවත් එකී නොකී මෙකී සෑම අයුරින්ම ඔවුන් බෞද්ධයන්ට හිරිහැර කලා.. වචනෙකින් පවා. උදාහරණයක් මාවතගම මුස්ලිම් පල්ලියේ “නිශ්ශබ්ද වනු පල්ලිය ඉදිරියෙන්“ නාම පුවරුව. බොහෝ මුස්ලිම් පල්ලි වල නම් අරාබි, මැලේ, ද්‍රවිඩ බසින් ලියැවෙද්දී එම නාම පුවරුව සිංහලෙන් ලිවීම...

    මෙසේ තිබියදීත් එකදු බෞද්ධයෙකුවත් එවැන්නවුන්ටවත් අතක් නොඉස්සු එක ගැන සතුටු වෙන්න. ඒක ගැන හිතන්න.

    කැක්කුමක් තියන බෞද්ධයෝ එහෙම කෑ ගැහුවට ඒකට පෝස්ටුවක් ලියන්න තරම් දෙයක්ද එහෙනම්. ඒක මනුස්ස ගතියනේ කියලා ඔයාට හිතන්න තිබුනනේ ඔයාගෙ බුද්ධාගම හරිනම්? ඇයි බෞද්ධයන් කම්පා වෙන්න නැද්ද? ඒක ගැන හිතන්න හොද නැද්ද?

    ඉහත ප්‍රශ්නවලට උත්තර දෙන්න පුලුවන් කමක් තිබෙනවනම් හිතන්න ඇයි ඔයා ඔය කියන සාමයේ ආගම තියන එක රටකවත් සාමයක් නැත්තේ කියලත් අන්‍යාගමිකයන් අමානුෂික වද වලට ලක් වෙන්නෙ කියලත්?

    යම් දවසක ඔබට ඔබගේ මුණුපුරෙකුගෙන්ම ඔය සුභ පැතුම අහගන්න පුලුවන් වේවි. එදාට ඔයාට සතුටු වෙන්නත් පුලුවන් වේවි මම විතරක් හොඳ බෞද්ධයෙකු වෙලා නිවන් යන්න පුලුවන් උනානේ කියල. හැබැයි ඒ මුණුපුරාම ඔයාව නිවන් යවන්නත් පුලුවන්... ඒ ධර්මයෙ පිහිටෙන් නම් නෙවී... මිත්‍යාද්‍රෘෂ්ඨිකයෙක් විදිහට... මොට්ට පිහියක ආධාරයෙන්.

    ReplyDelete