මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, December 7, 2013

දීපිකා පදුකෝන්

දීපිකා පදුකෝන්
නුඹ
මායාකාරියකි..
අනවරතයෙන්ම....
ඔය ඇස් දෙකට,නලලතට
බෝමැ අගේ ඇති නිතඹට
මායාවන් කල හැකිය..

පියවි ලොව
ප්‍රේමයක් සිද දමා
ඒ කතාවේ පෙම්වතා
නුඹ වෙතට
ප්‍රේමයෙන් වෙලා පටලා ගත හැකිය...

ඇස් දෙකෙන් හිනාවෙන හිනාවට
ගැහැනියකගේ හද වුවද
මොහොතකට නැවැත්විය හැකිය...

6 comments:

  1. වෙලාවට මම හින්දි බලන්න එච්චර කැමති නෑ

    ReplyDelete
  2. දිපිකා පදුකෝන්ගෙ ඩිම්පල් එක ගැන කිසිවක් කියා නෑ .. ඇගේ මායාව වලගැහුනු කම්මුල් අතර සිරකරගත් සිනහවයි..

    අකුරු හොදටම පොඩියි :(

    ReplyDelete
  3. කවුද අප්පා දීපිකා..? මම හින්දි බලන්නේ නැහැ ...

    |මම| = බොර දියක ඉඳුවර

    ReplyDelete
  4. කවිය හරිම අගෙයි. කවි සන්කල්පනාව ලස්සනයි.
    මම නම් හිතන්නේ, දීපිකා පදුකෝන්ගෙ මූනට ලස්සනක් ගේන්නෙ එයාගෙ ඇහි බැම.

    ReplyDelete
  5. අපේ දුව ලැබෙන්න ඉන්න කාලේ තමයි ඕම් ශාන්ති ඕම් චිත්‍රපටය තිරගතවුනේ. අපි ඩීවීඩී එක ගෙනත් බැලුවා. කිහිප සැරයක්ම බැලුවා. මට දිගටම හිතුනේ මගේ දුවගේ මූන දීපිකාගේ වගේ වෙනවා නම් කියලා. (ඒ පැතුමේ වරදක් නැහැ අපි සිත් ගන්නා උදවියගේ පිංතූර එල්ලාගෙන කරන්නෙත් ඒකමයි.)

    ඒ චිත්‍රපටයේ චරිත දෙක දෙන්නෙක් කරනවා කියලා හිතෙන තරමට විවිධත්වයෙන් එයා ඒක කරලා තියෙනවා. කියලා වැඩක් නැහැ අප්පා. පුදුම ලස්සන කෙල්ලක්. ආකෝන් මේ තෙරි සිංදුව මට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. මෑ කරල් වගේ සිහින් අත් දෙකට ඒ ඇඳුම තියලා මැහැව්වා වගේ තියෙන ලස්සන... :)

    ReplyDelete
  6. නුඹ කියූ දේ හරියටම හරිය ..
    ඈ මායා කාරියක් බඳු ගැහැණියෙකි ..
    අපගේ සිත් සොරා ගන්නා ...
    මම ද ඈට සැබැවින් ම ආදරය කරමි ..
    [ මා විවාහක වුවත් ..මහලු වුවත් ..]
    සැම දා ...

    ReplyDelete