මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, April 9, 2014

X

අවුරුද්ද පැණි වලල්ලක දැවටී
කොහෝ සුවදක් හමාඑන
එක්තරා රබන් පදයක්
හිත් රබානේ වැයෙන...


නුවර එලියේ මල් පිපෙන...
ග්රෙගරි වැව තාමත්
හීතල රහසක් රකින....


රතුපාට අහසක
නිල්පාට අයිස් වැහි වහින
සිත දහඩියෙන් පෙගුනාට පසුවත්
ඒක දිග කතාවක් යැයි කියා නිහඩවම ඉමි මම....


ග්රෙගරි වැව අස
හංසයා තවමත් තනිවමය...
සමහරක් ඇස්, චුම්බන දහසක්
තරමටම රසවත්ය...

No comments:

Post a Comment