මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, April 26, 2012

හද ෂෝට් ලීව්....

 

ඉර,
වෙලාවටත් කලින් වැඩට එන
හදට යන්නට කියන...

නිදිමත ඇස් වලින් බේරෙන
... හද ,
නිදිගත් කාමර වලට හොරෙන්ම එබෙන....

හද ,
නොකියාම ගිය බව නොදැන,
නිදිමත ගැහැනු ඇස්...
එලාම් ඔරලෝසුවට
කලින්ම එබෙන...

ඉර
ඇග මැලි කඩන,

හෙම්බිරිස්සාවට
 හද
ෂෝට්ලීව් බව
හොරාට නිදාගත්
තරුවලට කියන...

2 comments:

  1. නිවාඩු දින
    ඉර ඇහැරගෙන කලින්ම
    අපිව ඇහැරවන්නට ඇති ගාය
    අපි නම් අහුවෙයි ඕවට

    ReplyDelete
    Replies
    1. හරියටම තේරුම් අරගෙන:)

      Delete