මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, April 22, 2012

මෙගා ටෙලි නිලිකම...

නිලියක්මි


නිවස රග මඩල කොට...

කදුලු ගෑස් නැතුවම,

කදුලු එන...

බසයේ වැඩට යන....

චරිතයක්

රගපාමි...



එක මෙගා ටෙලියක පමණක්ම...



ජනප්‍රිය නිලියක්මි...



එක නළුවෙක්ට

පමණක්ම

උරුමව...

17 comments:

  1. දසුනි,
    වචන ටිකේ කෝටියක් දේවල්. හොඳටෝම දැනුනා. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. පුන්චි වචන ගානකින් කියන දේවල් හිතේ පතුලටම දැනෙනවා...බොහොම ස්තුතියි...

      Delete
  2. ජීවිතාන්තය දක්වාම
    කොන්දේසි විරහිත
    ගාස්තු රහිත
    බරපතල වැඩ සහිත
    කොන්තරාත්තුවකින් බැඳුන......

    ReplyDelete
    Replies
    1. මට වැඩිය වැඩ නැත...

      Delete
    2. නිලියට දෙබස්
      වැරදුන හැඩකි...
      .......................................
      .......................................

      p.s
      (නිළිය රගපෑමෙන්
      ඉවත් නොකරනු රිසියෙන්
      ඉතිරි ටික ලියා මැකුවෙමී)

      Delete
  3. මේ නිළිකම පිළිබද කියන්නට ගියොත් මගෙ චරිතයට හොද නැත. එබැවින් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙමි...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ "රජකමට හොද නැත"ලෙස නිවැරදි විය යුතුය...:D

      Delete
  4. ලෝකය රඟ මඩලක් සහ අපි එහි නළුවෝ වෙමු

    ReplyDelete
  5. මෙගා නිලියක්මි
    නිමාවක් නැති කතාවක
    කවුරුවත් නොවිදින
    දුක් කන්දක් විදින..

    ReplyDelete
    Replies
    1. නොදන්නවා උනාට කතාවේ
      සතුටු කොටස් ද ඇත...

      Delete
  6. මේක හොඳ අදහසකි
    නළු වෙන්න රෙදි හලන
    යුවතින්ට
    නළු වෙන්ට ‍තේ හදන
    කොල්ලන්ට
    ඇත්තටම නළුවෙන්ට!

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම කරන්නේ රගපාන එක නිසා
      අපි හැමෝම නළුවෝ තමයි...

      Delete
  7. ඇත්තම කියනවද, දුකෙන්ද ඔයා ඒ ගැන....? [එක මම වගේ නේද]

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මම හරිම සතුටින්

      Delete
  8. එක නළුවෙක්ට
    පමණක්ම
    උරුමව...

    සිතින්
    එයටම පමණක්
    වැඩිපුර සාප කරන

    (විහිළු)

    ReplyDelete
  9. ඒ නලුවා චරිතය හරියටම රගපාන
    නිලිය නලුවාට මුලුහදින් පෙම් කරමින...

    ReplyDelete