මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, June 9, 2012

මරණ බිය ජීවිතය උගන්වන බව උගත්තෙමි...

ඉස්පිරිතාල ඇදන් මත

මිනිසුන්,

පින්සෙන්ඩු වී

දොස්තර දෙවියන්ට,


තව හුස්ම ඉල්ලන...


ජරාපත් මහලුවුන්

දිරාගිය ජීවිත

අතරට ,

මෑතකදි ගිය දවසක...


මමද

රෝගීව දිරාගොස්

සිටියෙමි...


අහෝ ජීවිත

සිතුන මුත්,

සසර කල නොකිරුනෙමි...


හැරපියා යනු බියෙන්

තව තවත් බැදුනෙමි...


සිගා යෙමි ජීවිතය...


ඉගන කියා අවසන

සැමියෙකුත් ලැබ

සැලකුම් ලැබිය යුතු මාපියන් ඇති කල


කෙලෙස හැරයම්ද???

ආසාව අන් අය මතට පටවමි.


මරණ බිය ජීවිතය

උගන්වන බව

උගත්තෙමි...

16 comments:

  1. පට්ටම පට්ටයි

    ReplyDelete
  2. හුගක්ම ස්තුතියි...:)

    ReplyDelete
  3. මම දැකලා තියෙන විදියට ජීවිතය පිළිබදව ආසාව ඇති කරන්නේ අපේ බැදීම් ..
    හිත වෙන අතකට අරන් ගිය කවිපෙලක් ...

    ReplyDelete
    Replies
    1. ඔව් බැදීම තමයි.බැදීම්නෙ අපිව ජීවත්කරවන්නෙත්...ස්තුතියි...:)

      Delete
  4. නැති වෙන්න යද්දී තමා හැමදේකම අගේ දැනෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ අගෙත් මට ලගදි දැනුනා...:)

      Delete
  5. "බැදීම්"
    මරණයට බියවන්නට
    ජීවිතේට ආදරේ කරන්නට
    උගන්වන අපූරුව!

    ReplyDelete
    Replies
    1. ජීවිතය කවියක් නොව අපූරු නිසදැසක් බව උගන්වන...:)

      Delete
  6. වෙනස් එත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....:):)

      Delete
  7. මහගමසේකරයන්ගේ රෝහලක් ගැන කියවෙන කවි පන්තිය සිහිවුණා

    ReplyDelete
    Replies
    1. ඒකත් මහගමසේකර රෝහලකදී ලියපු කවි පන්තියක් නෙ...:)

      Delete
  8. වස බීලා ජීවිතේ නැති කරගන්න ගිය අයත් අවසානයේ අනේ මාව බේරගන්න කියනවලුනෙ. අපි කවුරු උනත් මේ බැඳීම් අතික්‍රමණය කරලා යන්නම යන්න බැරි ලෝබ කමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ජීවිතය හරිම ලස්සන දෙයක්.කොච්චර ප්‍රශ්න තිබුනත්...මම නම් මේ ජීවිතේට හරිම ආදරෙයි.ඒවගේම දාලා යන්න ලෝබයි :)

      Delete