මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, June 16, 2012

තේ මල....

තේ ගස් අතර
කලුපාට සිරියාව
අත් මැසිමෙන්
තේදලු නෙලන....

සුදුපාට තේ මල්
තොල් අතර රදවාන
උදෑසන වඩිනා
නොකුලුදුල් ප්‍රේමය....

වැසි වලට
අව්කාෂ්ඨකේට
තෙමී වේලෙන
පඩිපත....

උණ්ඩි කොට
අත් අතර,

තේ මල් සිනා වස්සන
ලෙච්චමී නොවන
තේ මල....

15 comments:

  1. මට නම් තේරුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... දුකයි....

      Delete
  2. //තේ මල් සිනා වස්සන
    ලෙච්චමී නොවන
    තේ මල....//

    සීතල උදයේ පිපෙන කළු තේ මල් පෙලක..
    සිතුවිල්ලක ගැලපුන අපූරුව..
    අගෙයි, ලස්සනයි ගොඩක්..!

    ReplyDelete
    Replies
    1. ස්තුති....ලස්සනයි කියුවම හිතට සතුටුයි.:)

      Delete
  3. Matath therun na :o

    ReplyDelete
  4. හැමදාම වගේ වෙනස්..එත් ලස්සන අපුරු පද පෙලක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්ශා...:)

      Delete
  5. තේ ගස්වලත් මලක් තියෙනවාද ???

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ...ඇයි ඔයා තේ මල් දැකලා නැද්ද?:)

      Delete
  6. සුදුපාට තේ මල්
    තොල් අතර රදවාන
    උදෑසන වඩිනා
    නොකුලුදුල් ප්‍රේමය....
    "ව්‍යංගාර්ථ" මම හරි කැමතියි මේ වගේ යෙදුම් වලට..! ඇයි මංදා හරියට හිතට දැනෙනවා ඒ වගේ වදන් වැල්. කියවා රස විදි බව සතුටින් දැනුම් දෙමි. ජය...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් .ඔයාගෙ ප්‍රතිචාර බොහොම වටිනවා....

      Delete
  7. තේ දල්ලේ මිහිරියාව පිටුපස ඇති අමිහිරි කතාව ....

    ReplyDelete
    Replies
    1. දකින දේ වල අපි නොදකින පැත්ත... :)

      Delete