මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, June 18, 2012

'කපුරු'




'ඉරිදා පොලකට ජීවිතේටම ගිහිල්ලා තිබුනෙ නෑ' කියන්නෙ,අපි හැම බඩුවක්ම ගන්නෙ සුපර් මාකට් එකෙන් කියන එකට තවත් නමක්.ඉතින් හරිනෙ.කතාව ඇත්තනෙ.රෙනලි මොකටද බොරු කියන්නෙ.රෙනලිට ඇත්ත වුනත් ඒ බව වෙන අයට කියන්නට උවමනාවක් තිබුනෙ නැහැ.ඒත් පොල් ,කහම කහ පාට කෙසෙල්ගෙඩි,හින්නාරන් ගොඩවල්,අඹ,පැපොල් ගොඩවල් ගහලා තියෙනවා පොල ලගින් යන රෙනලි දකිනවා.


පහුගිය මාසෙ ඉරිදා දවසක තමයි රෙනලි ඇත්තටම පොලට ගියෙ.පොල ලගින් යනකොට රෙනලි දැක්කා ලස්සන මල් පැල.රෝස,කානේශන් ,ජර්බරාස්,සමන් පිච්ච,වතුසුද්ද පැල මල් වලින් පිරිලා තිබුනා.


සුදු ,කහ,රෝස,රතු මල් වලින් රෙනලිගෙ හිතේ බල්බ් දැම්මා වගේ ආලෝකමත් වුනා.මල් පැලයක් ගන්නම ඕන කියලා රෙනලිගෙ හිත කියුවා.ගෙදර තියෙන හිස් මල් පෝච්චියයි ගෝනියකට දාලා ගෙනාපු පසුයි රෙනලිට මතක් වුනා.රෙනලි එමින් ගමන ජීවිතේ පලවෙනි පාරට පොලට ගියා.

ගන්න මල්පැලේ පාට මොකක්ද කියලා රෙනලි සෑහෙන්න කල්පනා කලා.තද කහ,දම් සහ ලාකහ කියන පාට වලින් රෙනලිගෙ හිත නතර උනේ ක්‍රීම් පාට මල් පැලයක් ලග.පැලේ නම 'කපුරු'.

 

රෙනලි 'කපුරු'ව ගෙදර ගෙනාවා.'කපුරු'අතින් බිම තියන්න තරම්වත් රෙනලිට හිතක් නෑ.'කපුරු' දිගටම හිටියෙ රෙනලිගෙ උකුල උඩ.රෙනලි කපුරුට හුගාක් හුරතල් කතා කියුවා.

ගෙදර ආපු ගමන් රෙනලි 'කපුරු'ට ගෙදරක් හදලා දුන්නා.සිමෙන්ති වලින් හදපු ගෙදර ගමෙන් ගෙනාපු පස් පුරවලා තිබුනා.නිල්පාට මැණික් කැට වගේ පෙනුන පෝර කැට  පස් අතර රැදෙව්වා.ගේ ඇතුලෙන් 'කපුරු'ව ඉන්දවපු රෙනලි 'කපුරු'සුවපහසුවෙන් ඉන්නවද කියලා හොයලා බැලුවා.


ඒත් කපුරු රෙනලිව ගනන් ගත්තාද මන්දා...'කපුරු' ගේන කොට තිබුනු මල ඇරෙන්නට කවදාවත් තවත් මල් පිපුනෙ නැහැ.රෙනලි කපුරුට එක එක ජාතියේ පෝර කෑම කන්න දුන්නා.ලෝකෙ තියෙන හොදම පානය හැමදාම බොන්න දුන්නා.ප්‍රේමවන්තයට හොරෙන් හැමදාම රෑටයි උදේටයි හාද්දකුත් දුන්නා.

'කපුරු' ඇහැක්වත් ඇරලා රෙනලි දිහා බැලුවෙ නැහැ.රෙනලිට දුක හිතුනෙ නැතුවමත් නෙමෙයි.රෙනලි හිතුවා කපුරුට ආඩම්බර වෙන්න හේතු තියෙනවා කියලා.රෙනලිට පුලුවන්ද මලක් උපද්දවන්න?බෑනෙ....ඉතින් 'කපුරුට' පුලුවන්නෙ.කපුරුට ආඩම්බර වෙන්න හේතු තියෙනවා.
රෙනලි දිගටම 'කපුරුට'සැලකුවා.

කාලෙ ගතවෙලා ගියා.රෙනලි දවසක් හිතුවා 'කපුරු'ව මරන්න.ගෙදරි එලවලා දැම්මම 'කපුරු' ඉබේටම මැරෙයි.රෙනලි එහෙම හිතලා නිකන් හිටියෙ නැහැ.'කපුරු'ට ඇහෙන්න ප්‍රේමවන්තයට එහෙම කියුවා.

'කපුරු'මරනවා කියුවම ප්‍රේමවන්තයට සතුටුයි.රෙනලිගෙ තොල්පෙති තවදුරටත් අන් ස්පර්ශයකින් කිලිටි නොවෙන නිසා.

පහුවෙනිදා උදේ ම රෙනලි නැගිට්ටෙ තමන්ගෙ අත්දෙකින් 'කපුරු'ව මරලා දාන්න හිතාගෙන.

'කපුරු'සුවදක් කාටත් නොකියාම රෙනලිගෙ ජනේලෙන් ඇතුලට ආවා.


රෙනලිගෙ තොල්පෙති තව සෑහෙන කාලෙකට  දිගටම අන් ස්පර්ශයකින් කිලිටි වුනා.


15 comments:

  1. මලක නැවුම් බව අපුරුවට ගැලපු නැවුම් කතාවක් ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.මට මේ තුලින් සැගවිච්ච පණිවිඩයකුත් දෙන්න ඕන වුනා.ආදරෙන් හදාවඩා ගන්නා ඕනවට වඩා ආදරය කරන කෙනෙක් ට සලකන විදියත් වැඩිය ගනන් නොගෙන ඉන්න කෙනෙක්ට සලකන විදියත් වෙනස් කියන්නයි මට ඕන වුනේ.:)

      Delete
  2. අවසාන මොහේතේ හෝ කපුරුට රනාලි ගැන දුක හිතුන එකත් ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. දුකද,බයද මන්දා ඒ....:)

      Delete
  3. හිහි ලස්සන කතාවක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ස්තුතියි....ඒ කතාව තේරුනාද?:)

      Delete
    2. :) අයියෝ එදා එක විතරයි තේරුනේ නැත්තේ මේක තේරුණා

      Delete
  4. විස්වාශ කරන්න අමාරුයි එයා කපුරුට කැමැත්තක් දැක්වුවා කියන කතාවනම්. මොකද මරන්න තරම් සාධාරන හේතුවක් නෑ මෙතන. ඒවගේම රෙනලි හුගාක් ආත්මාර්තකාමීයි. ඔයා පිලිගත්තත් නැතත්.ඔව්.. ඇත්තටම... !
    ජය...!

    ReplyDelete
    Replies
    1. ඔයා අහලා තියෙනවද වැඩි ආදරය අවසානෙ මුල් වෙන්නෙ වයිරයට කියලා....:)

      Delete
  5. Amthimata malak pipila wage ...lassanai kathawa...apith ganan nogena inna oone blanna :)

    ReplyDelete
    Replies
    1. ganan nogena inna hamowama ganan ganne nae....ganan gannath haethu thiyenna one...:)

      Delete
  6. හරි අමුතු කතාවක් නොවැ

    ReplyDelete
    Replies
    1. හරි අමුතු කතා ලස්සනයි නොවැ....මම නම් කොහොමත් සාමාන්‍ය දේවල් වලට වැඩිය අමුතු දේවල් වලට තමා කැමති...:)

      Delete
  7. කී දෙයට අමතරව නොකී දෑ බොහොමයක් කියවෙනවා. තෘප්තිමත් විය හැකි තරමක් තේරුම් ගත්තා කියා සිතනවා..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රැන්ගෝ... :):)

      Delete