මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, June 19, 2012

ඇල්නිලම් තාරකාව....

(පෘතුවි වාසීන් නිර්මානය කර ඇත්තේ ඔරායන්ගේ බද පටියේ මධ්‍ය තාරකාව වන ඇල්නිලම් තාරකාවේ සිටි දියුණු ජීවීන් විසිනි.පුවතක්...) 

තවම බිම බලාගෙන

පොලොව මත නිම කෙරුන

සුවිශිෂ්ඨ නිමැවුම....

බස් එකේ වැඩට යන

කකුල් කෙඩෙත්තුව රැගෙනගෙදර එන

බත් උයා දරුවන්ට කන්න දෙන...

දරුවන්ගෙ ඉස්කෝලෙ වැඩ බලන

පහුවෙනිදාත් වැඩට යන්නට සැරසෙන...

සුවිශිෂ්ඨ නිමැවුම....

නිර්මිතය

තමන් කල නිමැවුමෙන්

වෙනස් බව හිතන

ඇල්නිලම්,

සහෝදර තාරුකා දෙස බලන....

"ගුවනෙ සැරි සරනු ඇති

අලුත් දෑ සොයාගනු ඇති

නව නිමැවුම් තනනු ඇති

අපිට අබියෝගයක් වනු ඇති...."

සල්ලි කොල

නිර්මිතය සොයාගෙන ඇති

විහිලුවකි

කොල කැබලි ජීවිත උකස් ගෙන...

නිර්මිත දෙස බලාගෙන සුසුම් ලන....

ඇල්නිලම් ,

හෙලන කදුලක තැවරි

අපට ඉදහිට වැසි ලැබෙන...


22 comments:

  1. ඒකත් එහෙමද .........

    ReplyDelete
    Replies
    1. ඒ මට හිතෙන හැටි...:)

      Delete
  2. සමාවෙන්න මට මේ කියන දේ තේරුනේ නැහැනේ ...

    ReplyDelete
    Replies
    1. මම ලිපියක් කියෙව්වා පෘතුවිය නිර්මාණය වෙලා තියෙන්නෙ ඔරායන්ගෙ බදපටියෙ මැද තියෙන තරුවෙ හිටපු බුද්ධිමත් ජීවීන් පිරිසකගෙන් කියලා.ඒ තරුවෙ නම ඇල්නිලම්.ඉතින් මට හිතුනා ඒ තරුවෙ ඉදන් අපි දිහා බලන් ඉන්න අයට මෙහෙම හිතෙනවා ඇති කියලා.:)

      Delete
    2. ඔරායන් තරු රටාවට ( බඳ පටියෙ ) සමානව රුවන්මැලි සෑය, ජේතවනය හා මිරස වැටිය නිර්මාණය කර ඇති ආකාරය ලන්කා උරුමය කියන පොතේ පැහැදිලිව විස්තර කරල තියෙනවා...

      මං හිතන්නේ දිනූෂා කියවපු ලිපියත් මම කියෙව්ව කියලා... කරුණු තාර්කිකව සැලකුවහම ඇත්ත කියල පිළිගන්න පුලුවන්

      Delete
  3. අපරාදේ කියන්න බෑ ඇල්නිලම් වරු නියමෙටම හදල තියෙනව අඩුපාඩුවක් නැතුව..

    ReplyDelete
    Replies
    1. ඔව් හොද නිශ්පාදනයක්..හැබැයි තමන්ගෙ නියම වටිනා කම නොදන්න....:)

      Delete
  4. ඇල්නිලම් වල ජීවීන් අද අනිවාර්යයෙන්ම පසු තැවෙනවා ඇති... පෘථිවියේ ජනාවාස හැදීම ගැන... ඊටත් වඩා පසු තැවෙනවා ඇති ඒ සඳහා හෙලය තොරාගැනීම පිළිබඳව

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ දන්න කට්ටිය....:)

      Delete
  5. ඔයාට හිතෙන හැටි හරි කියලා මාත් හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඩිලීට් කලේ නෑ ...පබ්ලිෂ් කරන්න පරක්කු වුනා....:)

      Delete
  6. දසුනි, මට ඔයා කියවපු මුල් ලිපියේ සබැඳියක් (link)දෙන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. http://www.facebook.com/photo.php?fbid=375797112483326&set=a.228141770582195.58780.228131663916539&type=1&theater
      මෙන්න ලින්ක් එක....මට මේක හොයා ගන්න වුනේ නැති නිසා තමයි රිප්ලයි පරක්කු වුනේ......:)sorry

      Delete
  7. ඇල්නිලම් වරුන්ටත් වැරදිලාද මන්ද!
    වෙනස් තාලෙක නිර්මාණයක් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....:):)

      Delete
  8. ඇත්තටම මටත් ආසයි ඒලිපිය කියවන්න. උදව්වක් විදිහට හිතලා යම් විස්තරයක් දෙන්න පුලුවන් නම් අපූරුයි. ජය...!

    ( ආ... කතාවෙන් කතාවෙන් නිර්මාණය ගැන මොකුත්ම කියලා නෑ නොවැ. හොදයි. ඒත් වැඩියමක් කියන්න නිමිත්ත ගැන හරි අවබෝධයක් නෑනේ. සොරි වෙන්ඩෝනේ හොදේ.)

    ReplyDelete
    Replies
    1. http://www.facebook.com/photo.php?fbid=375797112483326&set=a.228141770582195.58780.228131663916539&type=1&theater

      මෙන්න ලින්ක් එක....

      Delete
  9. මගේ කොමන්ට් එක ඩිලීට් කරලනේ :/

    ReplyDelete
    Replies
    1. Delete කරලා නෑ...උඩ තියෙනවා...:)

      Delete
  10. කමෙන්ට් ටික බැලුවමයි මොකක් ගැනද කියලා තියෙන්නෙ කියලා හරියටම තේරුම් ගත්තෙ. ඒක ඇත්ත නම් විශිෂ්ට මැවීමක් නේද.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත නම් ඇත්තටම විශිෂ්ඨ නිමැවුමක්...:)

      Delete