මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, June 15, 2012

'යාලු කන්'(සත්‍ය කථාවකි.මගේ ආත්මගත මිතුරියට ස්තුති ලිපියකි.)



මම ඇගේ කන් ගැන විමසිල්ලෙන් නොබැලුව බව සැබැවි.ඒත් ඒවායේ යාලුකම තැවරී තිබෙනයුරු දුටුවෙමි.ඇගේ කන් ඇගේ සමේ පැහැයම වන්නට ඇත.මට හරියටම නිච්චි නැත.

මට ඇයව මග හැරී ගිය කාල තිබිණි.ඒත් ඇයට මාව මග නොහැරින.

අපි පාර මාරු වෙන්නට වත් අතින් අල්ලා නැතිමුත් ඇය මගේ හිතින් තදකොට අල්ලාගෙනම සිටියාය.මම ඇගේ හිතේ ගෑවී නොගෑවෙමින් සිටියෙමි. ඉස්පිරිතාලයකට ජීවිතයේ පලමු වතාවට ඇතුල්වනවිට දැනෙන හැගෙන දේ මම පසුගිය සදුදා අත්වින්දෙමි.මාරාන්තික උණ රෝගයක් මගේ සිතැගි වලට අනුව ඒ වනවිට මට වැලදී තිබිණ.මම අන්තිම කැමැත්තද ඒ වනවිට දැනුම් දී සිටියෙමි.මා සිතුවේ මා මියයතියි කියාය.

ඇය මා වෙනුවෙන් වද වුනිය.මා නොසිතුව ලෙස මා බලන්නට දවසට තුන් වරක් පැමිණියාය.වැඩට යන්නට කලින් සුදු සාරියක් ඇද මා වෙනුවෙන්ම පන්සලට ගොස් පිරිත් නූලක් ගෙන ආවාය.

පරීක්ෂන වාර්ථා ඇයට හැකි අයුරු කියවා බැලුවාය.දොස්තර කෙනෙකුට මම ඇගේ අක්කා යයිද ඇය මගේ නන්ගී යයිද කීවාය.ඒ හැම විටම මම ඈ සමග සිනාසුනෙමි.එහෙත් මගේ හිතේ හැමවිටම කදුළු තැවරී තිබින.ඒ ඇය මග හැරුණු වතාවල් වෙනුවෙනි.මගේ හිතට ඇයව අමතක වුනු මිනිත්තු වෙනුවෙනි.

මගේ ලග සැමියාද ,නැන්දම්මාද,අම්මාද සිටියෝය.ඒ හැමකෙනෙක් ලගම යුතුකමක් තැවරී තිබින.නමුත් ඇයට මා වෙනුවෙන් යුතුකමක් නොතිබින.ඇය සතුව තිබුනේ 'යාලු කන්' පමණි.

යුතුකම් වෙනුවෙන් ආ අය හැරෙන්නට මා බලන්නට කවුරුවත් ආවේ නැත.'යාලු කන්'ඇති අය ආවේ නැත.ඇය පමණක් 'යාලු කන්' ගෙන මා බලන්නට ආවාය.

මා කෑවාද බීවාදැයි සොයා බැලුවාය.රෝගය මදක් වැඩිවූ දිනක රැ ට්රයිෂෝවක නැගී තනිකඩ ගැහැනු ළමයෙකු නොපැමිණෙන ලෙස ඇගේ 'යාලු කන්'ගෙන පැමිණියාය.

මගේ යාලුවන් යයි ඇය දැන සිටි අයට මගේ අලුත්ම තත්වය කීවාය...

මම මගේ රෝගයට පින් දෙමි.මා මිය යා හැකිව තිබුනු බව සැබවි. නමුත් ඇයව මගේ සිතට තබා නැවතත් තදින් බැන්දාට මම පින් දෙමි.

ඇය නැවත හමුවූ විට ඇගේ 'කන්' දෙස සුපරික්ෂාකාරීව බැලීමටත් 'යාලු කන්' වල පැහැය හදුනා ගැනීමටත් මග බලමි.

11 comments:

  1. කන් ගැනද ඔබ මෙහි සඳහන් කරන්නේ නැතිනම් යාළුකම් ගැනද?
    සමහර වචනවල අකුරු වෙනස්වීම නිසා වචනෙම තේරුම වෙනස් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. යාලුකම් ගැන "යාලු කන්" යොදාගෙන විස්තර කරන්න තමයි අදහස් කලේ.:)

      Delete
  2. හොද යහලුවෝ සතුටට වඩා දුකක්දි ලඟ ඉන්නවා... :)

    ReplyDelete
    Replies
    1. ඒක තේරෙන්නෙ දුකකදි තමයි....:)

      Delete
  3. එහෙනම් ඒකයි පහුගිය දවස්වල නාවේ මේ පැත්තේ..! කවුදෑ අප්පේ දන්නේ. දැන් ඉතින් සනීපයිනේ,සතු‍ටුයි. නිරෝගී සුව. ඔයාට හොද යාලුවෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයන් ඇසුර මම දන්න තරමින් මංගල කාරණයක්. දන්නවද ඇතිදා සීනි නැතිදා ගෝනි තියරිය ෆලෝ කරන යාලුවෝ ගැන සෝම තිලක ජයමහ මහත්මයා මෙහෙම කියනවා, අපි හොදින්නම් එයාල මෙහෙමලු.
    පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිගු සේමා..
    නිති ගෙඋයන වැද රගදුන් පැනි සමණළ සේනා..
    සපැමින ඔබ වෙණ වැයූ..
    මා අභියස ගී ගැයූ...
    ඉතින් එයාලම නැති බැරි දාට මෙහෙමයි කියනවනේ,
    සව්සිරි සැප මා අත හැර අද වෙනතක ‍රැදිලා..
    පින් මද තනිකම තනියට මගෙ පැල තුල ‍රැදිලා...
    බිතු සිතුවම් රූ වැනී..
    ඔබ කොතැනද මිතුරනී..
    ඒ අතින් ඔයා ලකී නොවැ ජයවේවා කිව්වා ආයෙත්...!

    ReplyDelete
    Replies
    1. දැන් හොදටෝම සනීපයි සරත්.ඇත්තටම දුකක් ලෙඩක් හැදුනාම තමයි යාලු කම් ගැන තේරෙන්නේ.:):)

      Delete
  4. Nice post-So emotional and thought provoking.
    BTW are you from Borella? Just wanna know whether u r the same Dasuni who was with me in Aquinas.

    ReplyDelete
    Replies
    1. Thanks a lot dear.Nope I'm from Matara and i was never there in Aquinas :)

      Delete
  5. දැන් සනීපනම් ඉතින් කියන්න දෙයකුත් නැහැනෙ..

    ඇත්තටම අපට අසනීපයක් කරදරයක් වුන වෙලාවට තමයි කවුද අපි ළග ඇත්තටම ඉන්නෙ කියන එකයි එ අයගෙ වටිනාකමයි දැනෙන්නෙ..

    ඔක්කොම වෙන්නෙ හොදටලුනෙ..

    ReplyDelete