මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, June 9, 2012

බිරිදගේ නිබ්බුත පද...

ඔබ
කවි නොලියන
කතන්දර නොකියවන

මම ප්‍රබන්ධ කියවනාතුරු
රහස් පරීක්ෂක කතන්දර කියවන

අපි හරිම විරුද්ධ...
අපිටම හිතෙන...


මම
ඉදහිටක
නෝක්කාඩු කියන...

මුකුත් නොකියාම
නිහඩවන...
දුක හිතෙන බව
මුහුනෙන් පෙනෙන..


රෝගීව වැදහුන් කල
කවන්නේ

පොවන්නේ

බෙහෙත් ගෙන දෙන්නේ...


කිසිවිටක
තරහක් නොසිතන්නේ...


නුඹ මට
මව්ද
පියද
සොයුරද වන්නේ....

සෙනෙහෙ ගග
මහවැලිය දෙවෙනි කොට ගලන්නේ...

 

ඔවැනි සැමියෙකු ලබන්නිය

බෝ වාසනා කොට ඇත්තී...


දිවි දෙවනි කොට නුඹට පෙම් කරන්නී...


15 comments:

  1. නූතන නිබ්බුත පද හරි අගෙයි නොවැ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ස්තුතියි...:)

      Delete
  2. දිවි දෙවැනි කොට පෙම් කරන්න තරම් වටින සැමියන් ලබන්න්ටත් පින් කරන්න ඔනි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.ඇත්තම ඇත්ත කතාව.

      Delete
  3. දන්නවද...? අද නම් තේරුනා..! අහන්න පුරස්න මොකුත් නෑ ඒනිසා. ලස්සන නිර්මාණයක් නොවැ. මේ ඔයාට දැනෙන හැටි වෙන්ටෑ. ජය....!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇත්තටම මට දැනෙන හැටි තමයි...:):)

      Delete
  4. වාසනාවන්..!!!
    අගේ ඇති කවි සිතිවිල්ලක්...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නන්දු...:)

      Delete
  5. සැමියා ගැන මෙසේ සිතන බිරිඳන් ලබන ස්වාමියාද බොහෝ වාසනා කොට ඇත්තේමය.

    ReplyDelete
    Replies
    1. 100%ක්ම ඇත්ත..... එකටනම් ගොඩක් පිං කරල තියෙන්න ඔනේ....(මම හිතන්නේ ගිය භවයන්වල හරියට පතිවෘතතාව ‍රැකපු පිරිමින්ට විතරයි එ වැනි ආදර බර බිරිඳවල් ලැබෙන්නේ)

      Delete