යාළු මාළු
කාලෙකට පසුව හමුවූ
ඉස්සර යාළුකම්
ලෙන්ගතුව හිනාවෙන...
අම්මලා වූ අය
පොඩි පුතාලා ඇති අය
ගෙදර යන්නට මග බලන අය...
අළුත දෑගිලි බැදි අය
වට පිටේ ගැන වගක් නැති අය
උනුන්ගේ ලෝකවල ඉඩ හොයන අය...
හොද යාළුවෝ වෙලා හිටි අය
එහෙම බව දැන් මතක නැති අය
දැක්කා නොදැක්කා වගේ යන්තමට හිනාවෙන...
කතා නොකරම හිටි අය
ලගට ඇවිදින් කතා කල අය
සම සමව සිටි හෙයින්
රිදී නොරිදුනු හිත පිරිමදිමි මම...
යාළු මාළුන් අතර හිද
සතුටුවී
දුක්වී
නිවස්නට විත්
උන් හැවොම
කවියක සැගවීමි මම....
පොදු ධර්මතාව.ඔයා කළ දේ හොඳයි. උන් සේරම කවියක හංගපු එක. ඒ වැඩේ තදටම දැනුනා හිතට.
ReplyDeleteබොහොම ස්තුතියි...
Deleteගෙට්ටුවකට ගිහින් ඇවිත් හිත රිදිලා වගේ....
ReplyDeleteපුංචි කාලෙ කිසිම කහටක් නැතුව එක බත්පත කාගෙන හිටපු එවුන් ලොකු වුනාට පස්සෙ විවිධාකාර අරමුණු කරා ඇදෙනවා. ඒ ගමනෙදි බොහෝ දෙනෙක් මග හලාගෙනයි යන්නෙ..
ඕක ලෝක ස්වභාවෙ දරුවො....
යාළුවො පැත්තකින් තියන්නකො.. සහෝදර සහෝදරියො කොච්චර විරසක වෙනවද ?
හිතේ දුක යන්නත් එක්කලා
වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන සිංදුව අහන්න...
යාළුවෙක්ගෙ මගුල් ගෙදරක්.ඇත්තටම අතිශයින් සන්වේදී හිත් තියෙන එක හරිම කරදරයක්.ඒත් මට තියෙන්නෙ එහෙම හිතක්.හුගාක් ලගින් හිටපු සමහර යාළුවො නන්නාදුනන අය වගේ ඕනවට එපාවට කතා කරද්දි හිත රිදෙන එක අහන්නත් දෙයක්ද ඉතින්...:)
Deleteget to gether?
ReplyDeleteA friends wedding...:)
Deleteලස්සනයි අක්කෝ...සේරම එකතු කරලා..සුපර්.....
ReplyDeleteමෙහෙම වේවි නේද අපිටත්.තාම එච්චර දුර හිතන්න නරකයි.මොකද මං තාම ඕ ලෙවල්..!
ReplyDelete-අදයි මේ බ්ලොග් එක දැක්කේ.ලස්සන බ්ලොග් එකක්.බද්දර මල්ලේ ඔයාගෙ ලිපියත් ඉඩ ලැබුණු විට කියවනවා.දිගටම එන්නම්කෝ.
ඇත්තම තමයි,ලස්සන පදපේලි ටික..... මටත් මෙවිදියට විවිධ වර්ගයේ පාසැල් මිතුරන් හමුවෙලා තියෙනව, ඒ කාලේ එකට කෑම බෙදාගෙන කාපු යාළුවො අද වෙනස් වෙලා , "කාලය මැව් වෙනසක අරුමේ"
ReplyDelete