මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, October 6, 2012

සුදුපාට කසාදය

මම කැමති නෑ
සුදු මදිය
කියනවා නම් බදින්නම්ය
මල්ලී එහෙම කියුවේ
අද උදේය....


මල්ලියේ බදින්නේ
කණුවක නොවේ
එලදෙනක් වත් නොවේ
බදින්නේ ගෑනියෙකි...


පෝරුවේ නැග
මාලයක් බැද
කෝට්ටෙක ඇද
පින්තූර ගත්තාට
ඒ බැදීමක් නොවේ
බැදීම එන්නේ බැන්දාට
පසුවය....


ඉන් පස්සෙ
දුක කියන්නේ නුඹටය
කවි ලියන්නේ නුඹටය
ලෙඩ දුකට බේත් ඇන්න දෙන්න වෙන්නේද
නුඹටය...


සමහරක් සුදවල්
හේදෙන්ට
එක වැස්සකුත්
ඇතුවා ඇතිය...


මල්ලියේ
මම මේවා කීවේ නිකමටය
කට අද උදැහැනැක්කේ හිට
හරියට කසන හින්දාය...

 

සුදුපාට නම්
හුණුකොට්ටාද එමටය
කළු ලෑලි මැකුවාට
ඒ සුද වෙනස් වෙන්නේ නැතුවාය...

23 comments:

  1. සහතිකව ම! කළු කෙල්ලොත් කාවහරි බඳින්නෙපැයි!

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ අප්පා කළුයි කියලා මොකෝ නොබැද ඉන්නයැ....

      Delete
  2. අම්මෝ මාර අවවාදයක් නේද?
    යසයි යසයි....

    ReplyDelete
  3. අවවාදයක් වත් දීලා බලන්න හිතුවා ඉතින්:D

    ReplyDelete
  4. මොන ගෑනිත් කලුවරට එක‍යි මල්ලියේ... :p

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස්,මිනිස්සු කසාද බදින්නෙ කලුවරේ ඉන්නම නෙමෙයි.කසාද බදිනවා කියන්නෙ ඔය කියන දේට හුගාක් එහා ගිය දෙයක්...:)

      Delete
  5. සාමාන්‍යයෙන් මම දැකපු දෙයක් තමයි

    1.සුදු කොල්ලෝ යාලු වෙන්නේ කලු කෙල්ලොත් එක්ක.
    2. කලු කොල්ලෝ යාලු වෙන්නේ සුදු කෙල්ලොත් එක්ක.

    සමේ පැහැය ගැන සලකද්දි එකම පැහැයෙන් යුතු ජෝඩු වලට වඩා වැඩි ප්‍රතිශතයක් විෂම පැහැයෙන් යුතු ජෝඩු අපේ රටේ ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ඔය සිද්ධිය පිටිපස්සෙ තියෙන්නෙ මෙහෙම දෙයක්.හැමෝම තමන්ට නැතිදේ ලබා ගන්න කැමතියි...එච්චරයි.:)

      Delete
  6. මාත් ඉස්කෝලෙ යන කාලෙ සුදුම සුදු කෙල්ලොන්ට පෙම් කළා.... මගේ යාළුවො මට කිවුවෙ හාෆ් ශීට් එකක් අරන් බැඳගනින් කියලා..... කාලෙයක් යද්දි තේරුණා... පිට තියෙන සුද නෙමෙයි වටින්නෙ කියලා... ඇල්කෙමිච්චි බැඳ ගත්ත දවසේ මගේ පරණ යාළුවෙක් පුදුම වුනා මගේ තෝරා ගැනීමෙ වෙච්චි අපගමනය දැකලා....
    එහෙම පාට වෙනස් වුනයි කියලා එකිනෙකාගෙ සිතුවිලි යා වෙනව නම් එකිනෙකා හරියට තේරුම් ගෙන සහයෝගයෙන් පවුල ගෙනියනවා නම් ඔය කියන කිසිම පාටක්, ආගම්, ජාති බේදයක් එළියට එන්නෙ නෑ....
    අර කියන්නෙ සෝමතිලක ජයමහ මහත්තයා...

    නවදැලි හේනක පෑව වැඳිරි රුව - නෙක උවමින් දෙනුවන් ගවසා
    මා පෙම් කළ ජනපද කල්‍යාණිය හිමියනි මට නුදුරුය සුරඹුනට වඩා කියලා....

    කවුද ඇහුවලු...
    ලස්සන කන්නයැ හෝදල බොන්නයැ කියලා... ලස්සන තියෙන්න ඕන... නමුත් හිතේ ලස්සනක් නැති පොළවෙ පය ගහල ඉන්නෙ නැති කෙනෙක් බැඳගත්තොත් ඉතිං සොරිම තමයි...

    ඇල්කෙමියා...

    ප.ලි. බොහොම ලස්සන බ්ලොග් එකක්.. ඔබේ රටාව බොහොම අගෙයි.... දිගටම ලියාගෙන යන්න සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අල්කෙමියා.ඔයාගෙ බ්ලොග් එකත් මම බලනවා.ඇත්තටම ඒලියන විදිහත් හරි ලස්සනයි.මම කැමතියි. :)

      Delete
  7. පිට ඔපේ වැඩක් නෑ. කාටවත් පෙන්නේ නැති හදවත තමයි වටින්නේ මොන දේටත් වඩා. ඔපේ නෙමෙයි හදවතයි බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මුලින්ම දැක්කම ඉතින් හදවත බලන්න අමාරුයිනෙ....:)

      Delete
  8. කළු වුනත් දොදොල් රහයි කියනවානේ,
    නැත්නම් අහන්න ඕනේ "මූනේ ලස්සන හදවතේ තියනවානම්" කියලා

    වටරවුම

    ReplyDelete
  9. (Y) Niyamai Akki! Aththa!

    ReplyDelete
  10. තේරුම පිටට පනින නොපනින ගානට තිතට කවි ටික ලියල තීනවා.. ඔන්න මං පණුච්චි අදයි ආවේ... මෙතනින් පටන්ගත්තා. අනික එවුවාත් බලන්නම්කෝ ඈ...
    සිනා බො වේවා!!!!

    ReplyDelete
  11. නියම කතාව අක්කේ කිව්වත් වගේ හමේ පාට සුදු වෙලා වැඩක් නැ ඊට ඇතුලෙන් තියෙන හිත කලුයි නම්..

    ReplyDelete
  12. නියම කතාව අක්කේ කිව්වවත් වගේ සුදු කලු නම් කන්නද හිත හොද නැත්තන්..

    ReplyDelete
  13. ඇත්ත කතාව අක්කියෝ. :)

    ReplyDelete
  14. ඔබේ සිතැගි විශිෂ්ටයි. ඒත් කෙල්ලේ කසාද බඳින කෙනාට හරියට ෆිට් නැත්නං සේරම අනාතයි නේද
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  15. අපූරු කවිය..මල්ලිටනම් හොඳට වැදෙන්න ඇති පණ්ඩිත කතා කියනවට..

    ReplyDelete
  16. සමහර මිනිසුන් එහෙමය. විවාහය සෙල්ලමකි. සමහරු මෙහෙමය විවාහය ජීවිතය කොට ගනී. සමහරු හිතන්නේ උඩ ඇනෝ හිතන ආකාරයටය. ලෝකෙ හැටි....................!!!!

    ReplyDelete
  17. බොහොම ස්තුතියි හැමෝටම...කාලෙකට පස්සෙ හුගක් කමෙන්ට් වැටුනු පෝස්ට් එකක්...:)

    ReplyDelete
  18. බොරු කියන්නේ මොකටද මමත් කැමති සුදු කෙල්ලන්ට.. හි හ්..හි... එංගලන්ත, පෘතුගාල, ඊශ්‍රායල්,ඔස්ට්‍රෙලියානු, කැනෙඩියානු සහ ලතින් රටවල අයට තමයි, එගොල්ලො හරිම ස්වීට්

    ReplyDelete