මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, November 16, 2012

ශෝක ප්‍රකාශයක් නොවේ...

තවමත් මම මෙය නොඅදහමි.බොරුවක්...ඔව් එය බොරුවක් වන්නටද පුළුවන.එසේ නොවනා බව දැන මම එසේ වන්නට පතමි.මරණය හරිම ක්ෂණික වන්නට ඇත.ඔබට රිදෙන්නට ඇත.සමහර විටක නොරිදෙන්නටද නොදැනෙන්නටද ඇත.හොද මිනිසුන් මිහිතලය මත රැදෙන්නේ ඉතාමත් ස්වල්ප වූ කාලයකි.ඔබද ඒ අතලොස්ස අතරින් කෙනෙකි.ඔබ නිසා නැගුනු කදුළු කොපුල් තල රූරා ගලාගියේ මින් ස්වල්ප මොහොතකට පෙරය.සහෝදර සහෝදරියන් නොමැති ලොවක මම ආගන්තුක මිනිසුන් ගැහැනුන් තුල සහෝදර සහෝදරියන් සෙව්වෙමි.ඔබ ආගන්තුක නොවූ සොයුරියකි.ඔබ මිය නොගොස් ඇත්නම්...ඔව් සැබැවින්ම එසේ නම් මැනවි.නමුත් ඉතින් මියගොසින් නම් කවදාක හෝ මලවුන් අතර මට තනියක් නොමැති වනු ඇත.ඔබේ සිනාහඩ සදාකාලික වනු ඇත.

2 comments:

  1. පෝස්ට් දෙකක් ...
    හද දැවෙන දුකකින්..
    මේ ඇත්තටමද..
    මටත් දුකයි...

    ReplyDelete
  2. පෝස්ට් දෙකක්
    හද දැවෙන දුකකින්..
    මේ ඇත්තටමද..
    මටත් දුකයි.............

    ReplyDelete