මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, April 30, 2013

දෙවර්ණ ඉදුදුන්න

ජේත්තුකාර කුරුල්ලෙක්
කොණ්ඩය උඩට කර බැද
කවුලුවෙන්
හොරෙන් විත්
මගෙ කැදල්ලට වැද....

සිනාසී කිචි බිචි ගාන
ලාම්පුවේ වයරයට වී හිද,
"සුදූ මම ආදරේ යැයි"කියන.
මදස විලියෙන් බලන….
හොටෙන් ඇන
කෙසෙල් කැබලිති ගෙනයන….

සවස් යම,
කවුලුවෙන් එපිට හිද
පියඹ සවනතට කර
රහසක් කොදුරන...
හොටට හොට තබා
කෙසෙල් කැබලිති කවන...

දෙවර්ණ ඉදුදුන්න
මට ඔච්චමට සිනාසෙන
වැහි බින්දු
එක දෙකක්
බිම වැටෙන...

No comments:

Post a Comment