ප්‍රේමය කියන්නේ අන්ධවීමක්.අවට නොපෙනීයාමක්.
සමහර වෙලාවට ආදරය නැවැත්විය නොහැකියි.හුග වෙලාවට අපිට ගැලපෙනම පුද්ගලයා මුණ ගැහුනාම.ඒක හරියට තරුවක් වගෙයි.අහසින් එකපාරටම කඩාගෙන වැටෙන.අපි තරුව අල්ලගන්න තරුව වැටෙන මානෙට දුවගෙන යනවා.සමහර වෙලාවට ඇස් ඇරගෙන උඩබලාගෙන ඉන්නවා.වැටෙන තරුව අල්ලගන්න දෝතම පානවා.තරුව ආකාසෙදිම දියවෙලා යනවා.ඒත් එක්කලම සමහර වෙලාවට ජීවිතෙත් දියවෙලා යනවා.
සමහර අය වෙනුවෙන් අපි බලාගෙන ඉන්නවා.ඒ අයට වෙන අයව පේන්න පටන් ගන්නවා.හැඩ වැඩි,තත්වෙන් උසස් අය.එතකොට ආවස්ථික පිරිවැය වගේ බර වචන කල්පනාවට එනවා."හිත හොදකම" වගේ දේවල් වචන විතරක් බවට පත්වෙනවා.අපි වෙනුවෙන් බලාගෙන ඉන්න අය ගැන හිත බැදෙන්නේ නැති කමෙත් මොකක්දෝ වැරැද්දක් තියෙනවා.
ප්‍රේමයන් හැම වෙලාවකම රසවත්.හරියට ඇඹුල් පේර ගෙඩියක් වගේ.කට හිරිවැටිලා යන.ඒත් ආයෙමත් කන්න ආස හිතෙන.ඒත් හැමතිස්සෙම ඇඹුල් පේර මුණ ගැහෙන්නේ නෑ.
හොදටම ඉදිච්ච පේරගෙඩියකුත් ඇඹුල් පේර ගෙඩියක් කියලා හිතාගෙන කන එකෙත් සමහර වෙලාවට රහක් තියෙනවා.
No comments:
Post a Comment