මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, April 2, 2011

ලස්සන මනාලියක් වන්නට ....

මනමාලියක්...මම ගැහැනු ලමයෙක් වුනාට පුන්චි කාලෙ ඒ වගේ හීනයක් මගේ හිතේ තිබුනෙ නැහැ.ජීවිතේ ගැන වැඩිපුර හීන තියාගත්තු නැති කෙනෙක් මම.මගේ හිතේ තිබුන කවද හරි පොතක් ලියන්න ඕනෙ....වගේ හීන....හීන කුමාරයෙක් හිටියෙ නෑ ඒ හීනවල…..

ඒත් දැන් කුමාරයෙක් හීන ඔක්කොම ආක්රනමණය කරල....හීන වලට එහෙම බලෙන් ඇතුලු වෙන එක වරදක් කරන්න බැරිද දන්නෙ නෑ .ලන්කාවෙ නීතියෙන්….මේක ආදරය ගැන ලියවෙන කතන්දරයක් නෙමෙයි.

ලන්කාවෙ කොලඹ පුරවරයෙ මනමාලියෙක් වෙන්නයන ඕනම යුවතියක් මුහුණ පාන සිදුවීම් තමයි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ.අය වැය පක්ෂයෙන්...

ඕනම ගැහැනු ලමයෙක් කැමතියි ලස්සන වෙන්න.ඒ වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්නත් කැමතියි.මොකද කිසිම ගැහැනු ළමයෙක් කැමතිනැහැ තමන් විවාහ වෙන්නට යන පිරිමි ළමයා(ළමයින් විවාහ නොවනා බව දන්නා නමුත්)වෙන ගැහැනුලමයෙක්ට ලස්සනයි කියනවට.ගැහැනු ළමයින් හරිම ඉරිසියා සහගතයි....:))))

මම ගියා ලන්කාවෙ හොදම නමක් තියන මනාලියන් සරසන පුද්ගලයෙක් ලගට.ඔහු/ඇය ඉතාමත් ලස්සනට උඩරට මනමාලියන් සරසනවා.

ඔහු/ඇයගේ අයකිරීම් මෙහෙමයි...

මනමාලිය සැරසීම:-35000

එක් යෙහෙලියක්:-9000

මල් කුමරියක්:-3000

සාරි ගන්නට පුලුවන් නම් කරන කඩසාප්පු වලින් පමනයි....ඇදුම් මසන්නට පුලුවන් එක් පුද්ගලයෙක්ගෙන් පමණයි.

ඇදුම් මසන්නට යන වියදම්:-(මහුම් කුලිය )

මනාලිය:-7500

යෙහෙලියක්:-9000-10000

මල්කුමරියක්:-5000

මේ රෙදි සදහා යන වියදම් හැර....

රූපලාවන්යද ආයතනයටත් 50000-100000 අතර මුදලක් අනිවාර්යයෙන්ම වැයකරන්නට වෙනවා.මේ අනිකුත් සියලු වියදම් හැර ලස්සන මනමාලියක් වෙන්නට පමණක් යන මුදල....

අපි කොයිතරම් ඉගනගෙන තිබුනත්...කොයිතරම් බුද්ධිමත් වුනත් මෙතනදි අපි හැගීම්බර වෙනවා.මොකද විවාහය කියන්නේ.....

හැගීම් සමග කරන ගනුදෙනුවක්.....

5 comments:

  1. අනේ සෑහෙන් වියදමක් යයි වගේ නේද?ඒත් ඉතින් ජීවිතේ එකවතාවක් විතරක් එන දවස ගොඩක් ලස්සනට ඉන්න කවුද අකමෑති.වියදම තමයි සෑර :/

    ReplyDelete
  2. බුද්ධිය වෙනුවට හැඟීම් වලට ඉස්මතු වෙන්න ඉඩ දීම වෙනුවෙන් කලයුතු ගෙවීම තමයි දහස් ගණනින් ඒ ගෙවන්නේ.

    ReplyDelete
  3. ඒ කියන්නෙ අඩු පැත්තට බර වෙලා ගත්තත් ලක්ෂ 1යි කාලක් විතර යනවා...

    දැන් ඔය විධියට මේ ගාන තිබුණොත් විතරයි ලස්සන මනමාලියක් වෙන්න පුළුවන් නේද?

    අපරාදෙ... මූණ පේන්න හොඳ පින්තූර ටිකක් අරගෙන ෆොටෝෂොප් දන්න කෙනෙක් සෙට් කරගෙන ඔය ඇඳුම් ටික අන්දවගන්න වැඩිම වුණොත් රු. 10000ක් විතර යයි.

    ReplyDelete
  4. www.kawshalatec.wordpress.com Balanna

    ReplyDelete
  5. තව car වලට ෆොටෝ වලට කෑම වලට හොටෙල් වලට රත්තරන් බඩු wedding එක ලං වුනාම හිතන්නෙවත් නැති වියදම් එනවා

    ReplyDelete