මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, April 2, 2011

වරම්......


හත්පෙති මල හත්පෙති මල....
මට ඕනෙ
මම ලියපු කවිපොත පල කරන්න....

හත්පෙතිමල හත්පෙතිමල...
මට ඕනෙ
ඊයෙ තරගය
ලන්කාව දිනන්න....

හත්පෙතිමල හත්පෙතිමල...
මට ඕනෙ
මම ගිය ආත්මෙ කවුද බලන්න...

හත්පෙතිමල ,
මට ඕනෙ...
එයාට මාව විතරක් ලස්සනට පේන්න...
හත්පෙති,
මට ඕනෙ....
ජපානෙ සකුරා මල් ගස් යටින්
දෙවොන්දරා සo එක්ක ඇවිදන් යන්න...

හත්පෙතිමල,
මට දෙන්න
හුග කාලෙකට කලින් නැති වුන...
ඉතියෝපියාවෙ මගේ යාලුවව....

හත්පෙති...
මට දෙන්න...
හැමදාම අම්මයි තාත්තයි ලග ඉන්න....

හත්පෙති...
දැන් අපි යාලුයිනෙ...
මට දෙනවද...
තව එකක් වැඩිපුර....


5 comments:

  1. අනේ සහෝදරියේ. ඔයා මොකක් හරි දෙයක් කියන්න හදනවා. ඒත් මට තෙරුම් ගන්න අමාරුයි...\


    ජය...

    ReplyDelete
  2. මේ ඉතිං ඉටුකරගන්න බලාපොරොත්තු වෙන හීන ටිකක් නේ... :D

    ReplyDelete
  3. අපි ඉල්ලන හැමදේම දෙන්න හත්පෙති මලක් තිබ්බනම් මේ ලෝකේ :(

    ReplyDelete
  4. හැමදේම බෑ...හතයි පුලුවන්...:D

    ReplyDelete
  5. හත්පෙතිමල හත්පෙතිමල මට තව හත්පෙතිමල් හතක් දෙන්න කිව්ව නම් හරි නේ :D

    ReplyDelete