මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, May 22, 2011

Cultural Conflicts.....



රුහිරු කිරි
මාස නමයක නවාතැන්
අම්මාය...
ඒ,
ජීව විද්‍යාවය...

වාසගම
තාත්තාය...
ඒ,
සම්ප්‍රධායය....

"ඉතින් තාත්තගෙ
ලේ නොවැ..."
ඒ,
ආත්තම්මාගේ,
තර්කය...


මේ මගේ සිතුවිලිය...

4 comments:

  1. Rasika Gunawardena....
    තාත්තගෙ ලේ
    අම්මගේ කඳුළු!..

    යශෝදරා කරුණාදාස ‎.....
    අම්මාගේ ලේ
    තාත්තගේ අයිතිය...

    Rasika Gunawardana ‎.
    බබාගේ අයිතිය
    බබාට!..

    Dasuni Hasanga Hettiarachchi
    පොතට අනුව
    තාත්තා අයිති කරුය...
    තාත්තෙක් නැත්නම්
    අම්මෙක් හිටියත්,
    අයිතිකාරයෙක් නැත....

    Samudra Jayalath Jayasekera ‎.
    අම්මාගේ ලේ
    අම්මාගෙ කිරි
    අම්මගේ කඳුළු!..
    ගෙනියන්නේ
    තාත්තගෙ පරම්පරාව
    තාත්තගෙ නම්බුව
    තාත්තගෙ ලේ...
    දිනුවොත්
    තාත්තගෙ දක්ෂකම..
    පැරදුනොත්
    අම්මාගේ වැරැද්ද...

    Sihina Ekathukarannek ‎Samudra Jayalath Jayasekera:
    ඇත්තටම ඔබ හිතන්නේ එහෙමද ?
    නැත්නම්
    ලියන්න ඕනවට ලිව්වද ?

    Samudra Jayalath Jayasekera ‎Sihina Ekathukarannek:
    ඇත්තටම මම හිතන්නේ එහෙමයි.
    එය ලියන්න ඕන නිසාම ලිව්වා.

    ReplyDelete
  2. Sihina Ekathukarannek ‎.
    මට ඔබට එකහෙළා විරුද්ධවීමට අයිතියක් නෑ ! ඔබ මවක් . මේ ඔබට දැනෙන හැටි වෙන්න ඇති . මම එකට ගරු කරනවා . නමුත් ...............
    දරුවන් තුල දුවන්නේ මවගේ ලේ .නමුත් දරුවා මව් කුස තුල සිටිද්දී දරුවාව හා මව ව පෝෂණය කරන්නේ පියා නොවෙයි ද ? වෙනත් සතුන් වගේ නොවෙයි . මිනිස් මව සහ බිලිඳා ඉතා දුර්වලයි ප්‍රසූත සමය තුල . පියාගේ රැකවරණය ඉතා වැදගත් ඒ අරුතින් බැලුවහම . ඔබ මව් කිරි උතුම් කොට දක්වනවා . ඇත්ත .නමුත් මව් සෙනෙහස අහිමිවූ දරුවන්ට තම ලේ කිරි කර දෙන්නට නොහැකි උනත් පියා සෙනෙහසින් අවැසි පෝෂණය ලබා දෙන පියවරුන් ඉන්නවා . මම වැරදිද ? අනිත් එක සමුද්‍ර අක්කේ පියවරුන්ගේ කඳුළු පිටතට නොපෙනුනාට දරුවන් වෙනුවෙන් ඔවුන් හලන කඳුළු අපමණයි . ඔබ පියා පරමපරාව ගැන ලියනවා .ඇත්තටම පරම්පරා සංකල්පය වර්තමාන සමාජයෙන් වියැකී යමින් තියෙන්නේ ඒ වනුවට ආදේශවෙන්නේ ජාන සැකැස්ම . දරුවාගේ ජාන සැකැස්ම මව පියා දෙදෙනාගේම සම්මිශ්‍රණයක් . දරුවා ඉදිරියට ගෙනියන්නේ මව් පියා දෙදෙනාගේම දායාද !!!!

    Sihina Ekathukarannek ඔබේ අවසාන පද තුනට නම් මම සහමුලින්ම විරුද්ධයි . සහමුලින්ම . කව්රු කිව්වත් කොහොම කිව්වත් ඕක කුහක කතාවක් .දරුවෙක් ගේ කායික මානසික සමාජයීය වර්ධනයට මව් මෙන්ම පිය සෙනෙහස ඉතා වැදගත් . එකක් අනෙක පරයා යන්නේ නැහැ . සමව දරුවාගේ ඉදිරි ගමනට දායක වෙනවා .

    Saranyu Siduthara සමුද්‍රා
    ''දිනුවොත්
    තාත්තගෙ දක්ෂකම..
    පැරදුනොත්
    අම්මාගේ වැරැද්ද..Z
    ...ඇත්ත මම මේකට එකගයි

    "තාත්තගෙ හපන්කම්
    අම්මගෙ හිතුවක්කාරකම්..!!!"
    නිතර අහලා පුරුදුයි


    Sihina Ekathukarannek ‎.
    වැඩි ඡන්ද මට විරුද්ධව
    ඒත් මම මගේ මතයේ
    කිසිදු වෙනසක් නොකොට .
    ඉදිරියටත් එහෙමම !

    Saranyu Siduthara සිහින..
    මව් පිය සෙනෙහස
    නොලැබුණු දරුවෙක්ගෙ
    ඉදිරිගමන ගැන කියනවද..
    දන්නැති නිසා අහන්නෙ


    Sihina Ekathukarannek ‎.
    ජිවිතේ බිහිසුණු ගිරි දුර්ඝ
    තරණය අපහසුය කුඩා කල
    මව්පිය දෙදෙන
    ඇත දෙපස සරණට
    ඝන රන් අත් වැටක් විලසට

    අත් වැට නොමැතිකොට
    අපහසුය තරණය ගිරි ශිකර
    එහෙමත් අයෙක් වෙත්
    තනිව දිවි ගමන ගිය .

    Saranyu Siduthara ‎..................

    .Sihina Ekathukarannek ‎.
    හැබැයි එකක් නම් කිව යුතුය !

    වැදූ පමණකින් කිසිවිට
    මව් පියන් නොම වෙත් යමෙක් .
    හැදූ වැඩූ උතුමන් ම
    මව් පිය නම් ලබත් ..... !


    Samudra Jayalath

    Jayasekera ‎Sihina Ekathukarannek: I agree with everything you say..but what you say is what should really happen..(දරුවාගේ ජාන සැකැස්ම මව පියා දෙදෙනාගේම සම්මිශ්‍රණයක් . දරුවා ඉදිරියට ගෙනියන්නේ මව් පියා දෙදෙනාගේම දායාද !!!! very true, but there are many people who still believe the child carries fathers genes and the father owns the child).. what I say is what is actually happening in real life, unfortunately..

    ReplyDelete
  3. කිසිවෙකුට කිසිවෙකු අයිති නැත ......
    තමාට තමාවත් අයිති නැත .....

    ReplyDelete
  4. Sihina EkathukarannekSeptember 3, 2011 at 12:56 AM

    Thanks Dasuni , for posting our comments here .

    ReplyDelete