මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 21, 2011

Funeral....




අක්කේ,
ඔතන ඇස් පියාගෙන ඉන්නෙ...
ඔය පෙට්ටියේ ඉඩ ඇත්ද නිදියන්න...
නැගිටින්න අපි ගිහින්
ඇද උඩින් නිදා ගමු...

පුන්චි පුතු මගෙ අතේ...
නුඹ දිහා බලනවා...
අම්මා අර නිදි මොකද ඇස් වලින් අහනවා...
අක්කේ
එකම එක වරක් වත්
ඇස් ඇරබලා
ආයේ නිදි යන්න...
ඔය තරම් නිදියන්න ඕනෙ නම්...

2 comments:

  1. ආදරෙන් ලගට විත්
    කන් පෙතින් මිරිකන්න
    අමාරුවෙන් පීරගත්තු
    කොන්ඩය අවුල් කරන්න
    මොකද කම්මැලි වෙලා
    එන්න පිස්සුවක් දොඩවන්න
    අනේ මට කම්මැලී
    සුදු අක්කී නැගිටින්න...



    නියමයි.. සන්වේගී මාතෘකාවක්..... මමත් එකතු කලාට අහිතක් හිතන එකක් නෑ මම හිතන්නෙ....

    ReplyDelete
  2. අපෝ නෑ..හරිම ලස්සනයි...ඒ එකතුවත්...

    ReplyDelete