මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, July 8, 2011

"ජීවිතය යනු අද දවස තුල ජීවත් වීමයි...."



ජීවිතය අපි හිතන තරම සරල නැත.සුගම නැත....එය සoකීර්ණය..අපට අවනත් නැත...ඔබ ජීවිතය සැලසුම් කරනවාද?මම ජීවිතය සැලසුම් කරමි.මගේ ජීවිතය කතන්දර පොතකි.එහි 3වැනි පිටුවේ කවි කියන පුන්චි ලමයෙක් ඇත....11වැනි පිටුවේ ගස්වලට උගන්වන,ව්යාරජ දිග කොන්ඩයක් ඇති පුන්චි ගුරුතුමියකි.30 වැනි පිටුවේ සාමාන්ය පෙල ඉහලින් සමත්වී උඩ පනිමින් දුවන සුන්දර ගැහැනු ළමයෙක් ඇත.ප්රේම කතාවක්ද,සරසවියද,නොගැලපෙන උපාධියක්ද අන්තුරුව ඇත.මම 2010දී කවුරුවනු ඇතිදැයි උසස් පෙලෙ කරන අතර මම සිතුවමි.හොද රැකියාවක්.....හැම දේම බාධක මැද කලට වෙලාවට සිදුවිය.....

හ්ම්ම්....මම අයෙමත් වැල් වටාරම් කියනවා වගෙයි.

ජීවිතේ එක එක කාල වල අපිට සිහින තියෙනවා.දොස්තරකෙනෙක්,ඉන්ජිනේරුවෙක් වගේ අම්මලා පටවන සිහින් අතර,කවිකාරියක්,කතන්දර ගොතන්නියක් වගේ මටම වෙන්වුනු සිහින.ඒ සිහින සැබෑ කරගන්න අපි සැලසුම් හදනවා.ඒත් ඒ සමහර සිහින හැබෑ කරගන්න හදන සැලසුම් අපිට ක්රිවයාත්මක කරන්න වෙන්නෙ නැත්තෙ අපේ වරදින් නෙමෙයි.සමහර දේවලට දයිවය අපිට ඉඩ සලසන්නෙ නැහැ.

උදාහරනයක් විදියට 2004සුනාමියෙන්,හීනගොඩාක් මහ මුහුදෙ තැන්පත් වුනා.ඩෙන්ගු මරණ උරුම කේන්දර වල අවුරුදු 80ක් ආයුස තියෙනවා.මේ සියල්ලම අපේ පාලනයෙන් තොරයි.සමහරු විශ්වාස කරනවා දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරනවා යෙයි කියා.සමහරුන් කියනවා මේ අපල යැයි කියා.

රැකියාවක ස්ථිර වී විවාහය සැලසුම් කරනවිට රැකියාවෙන් නෙරපනු ලබනවා.විවාහය අතරමග තව රැකියාවක් සොයාගත යුතු වෙනවා.ජීවිතය යනු මෙයයි.අපිට පූරව සැලසුම් තබා ගත නොහැකියි.පැමිනෙන හැටියට මුහුන දිය යුතුයි.

අද දිනය තුල ජීවත් විය යුතුයි...

අද අපට උරුම වැඩ කොටස හරියට කල යුතුයි....

හෙට නැතිවෙන්න පුලුවන....

අනික් මිනිසුන්ට හැකි පමණ උදවු කල යුතුයි....

"ජීවිතය යනු අද දවස තුල ජීවත් වීමයි...."

1 comment:

  1. ජීවිතය යනු අද දවස තුල ජීවත් වීමයි.... කියන එක තවත් යටට හෑරුවම එනවා "ජීවිතේ යනු එක මොහොතක්" කියන එක. මොකද අපට දැණෙන්නෙ අපි තීරිණ ගන්නෙ මේ මොහොතේ. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතේ හැඩගස්සගන්නෙ දැන් පහුවෙන මොහොතෙ. ඉතිං මේ මොහොතෙ නිවැරදිව ජීවිත් වෙන එක ගොඩක් වටිනවා.

    පුද්ගලිකව මට නම් ජීවිතේ කිසිම සැලසුමක් නෑ. නමුත් මගේ ජීවිතෙත් ඒ ඒ කාල වලට වෙන්න ඕන දේවල් සාමාන්‍ය විධියටම වෙනවා...

    ReplyDelete