මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, December 1, 2011

දයාබර ඉවාන්,(මගේ කතාවක් නොවෙයි.උපුටා ගැනීම Dananji Perera ගෙන් )

දයාබර ඉවාන්,
එලියේ අනෝරා වැසි වසී. මම උණුසුම් කබායකට මැදි වී කෝපි කෝප්පයක් අතැතිව සිටිමි. එකපාරට හමන සුලඟට ගැහැණුන්ගේ අත ‍රැඳි තුනට නමන කුඩ කනපිට හැරෙයි.නැවත හොඳ පිට.. නැවත කනපිට..
ජීවිතය එහෙමය. කනපිට හා හොඳපිට අතර දෝලනය වෙයි.ජීවිතය හොඳපිට තබා ගැනීමට මට ඔබ අවශ්්‍යය.මා ඔබට ආදරේයැයි මම කියන්නේ නැත.සැබැවින්ම මම ඔබට ආදරේ නැත.මම ආදරේ මටමය.ඔබට උයාපිහා කන්නට දෙන්නේත් කිළු‍ටු රෙදි සෝදන්නේත් එබැවිනි.මම තනිව සිටීමට බිය වෙමි.එම නිසා ඔබ සමඟ එක් උනෙමි.මගේ දුඹුරු පැහැ සමට ඔබේ සුදු පැහැ සම කදිම සංකලනයකි. ඔබ හැර යනවාට මම බිය වෙමි.ඔබේ කුදු මහත් සියලු කටයුතු කරන්නේ එහෙයිනි.ඒ වෙනුවට ඔබ මට මූලික මෙන්ම අමූලික මිනිස් අවශ්්‍යතාද සපුරා දෙයි.මම ඔබේ කනට කොඳුරා "ආදරෙයි" කියමි..
එහෙත් මම ආදරේ මටමය.ඔබ නැතිව ගෙවෙන රාත්‍රී වලට,කනපිට පෙරලීම් වලට ඇති බිය නිසාත්, නිතරම ආරක්ශාවක් බලාපොරොත්තු වන නිසාත් මම ඔබට ආදරේ යැයි කියා ...හිත රවට්ටමි.
ඔබ රඳවා තබා ගැනීමට වෙර දරමි. ඔබ මා හැර ගියොත් මා කිසි දිනක ඔබ ගැන දුක් වන්නේ නැත.ඔබ නැතුව මම සිටින්නේ කෙලෙස දැයි මම මම ගැනම දුක් වෙමි.
කිසි දිනක රන් නොපලඳින, නින්දෙන් ඇවිදින්නා සේ නිවස පුරාම ඇවිදින,තනියෙන් හිනාවෙන ගැහැණු පරාණයක් සමඟ මෙපමණ කලක් සිටීම පිලිබඳව සෙබැවින්ම මම ඔබට ස්තූතිවන්ත විය යුතුය.මට මා වන්නට ඔබ දී ඇති අවස්ථාව අගය කල යුතුමය.මට "ටිකක් පිස්සු" යැයි ඔබ සිතන බව මම දනිමි.සෑම මිනිසෙකු තුලම කොටියෙක්ද බල්ලෙක්ද බූරුවෙක්ද ජීවත් වන බව මා කොහේදී හෝ කියවා ඇත.මා සම්බන්දයෙන් නම් බොහෝ විට කොටියා හා බල්ලා අභිබවා බූරුවා ජය ගනී.ඔබ තරම් එය ඉවසූ කෙනෙක් තවත් නැත. ඔසරි අඳින උයන පිහන දරු නලවන සාම්ප්‍රදායික ගැහැණු රුවක් ඔබේ හිතේ ඇඳී නොතිබීම මට වාසියකි.මම ප්‍රේමය (මට ඇති) නිසාම බොහෝ මෝඩකම් කල අයෙකි.තවත් කිහිපයක් ඉදිරියේදී කරන්නටද බලාපොරොත්තු වෙමි.ඔබ ඒ සියල්ලම් ඉවසා වදාරා තව දුරත් මා සමඟම ඉඳිතැයි මම සිතමි.
මම , හැමෝම කෙලින් යනවිට ඇදේටද හැමෝම ඇදේට යන විට කෙලින්ද යාමට කැමැත්තෙමි. සබන් බුබුළු වල දේදුනු රටා බැලීමටත්, ඔබ ගොරවමින් නිදා සිටින විට පැමිණ වතුර ගැසීමටත් කැමත්තෙමි. ඔබ මා හැර ගියොත් යකඩ සපත්තු ගෙවෙන තුරු ඔබව සොයා ඇවිදීමටත් රටවල් තිස් නවයක් පසු කර හතලිස් වැනි රටට පැමිණ කසේයි රාක්ශයා මරා ඔබ බේරා ගැනීමටත් පොරොන්දු වෙමි.
අවසාන වශයෙන් මම මට ආදරය කරමි....


(අව)ලස්සන වසිලිස්සා..

7 comments:

  1. හරිම ලස්සන කතාවක්
    කියවන්නට අවස්ථාව දුන්නාට ස්තුතියි...

    ReplyDelete
  2. අපූරු කතාවක්.. මේක ලියපු කෙනාටත් බ්ලොග් එකක් තියෙනවද??

    ReplyDelete
  3. aadaraya,,ow minissunva jeevath karavanne bolnda aadaraya.

    ReplyDelete
  4. මම බ්ලොග් එකක් ගැන නම් දන්නෙ නැහැ.ඒත් එයා මූනුපොතේ නම් කවි කතන්දර දානවා.

    http://www.facebook.com/groups/201708343181986/

    http://www.facebook.com/groups/180181495365061/

    මේ ලින්ක් වලින් බලන්න....

    ReplyDelete
  5. ටිකක් නෙමේ හොදටම පිස්සු කියල දන්නවා ඒත් ඔයගේ ලිවිමෙ හැකියව නම් Excellent

    ReplyDelete