මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 1, 2012

කඩේ යෑම...

කඩේ යන ගමන් මං...
ලස්සන රූපෙකට...

සීනි තේකොල
හාල් තුනපහ
නොගෙනෙනා මුත්
කඩේ යන්නෙමි මං...


අපි විහිළු කරගන්නවා
හිනා වෙනවා
මම ලගදි කියුවා
අම්මලා මට හොයනවා...

"හොයාදෙන්නට උදව් වෙන්නද මමත්?
අපි දන්න හොද අයත් ඉන්නවා..."


කීව කට කපන්නට හිතුනා
ඒත් කම්මුල් රතු වුනා...


මමත් බැද නැත...
උඹත් බැද නැත...
පේනා හැටියකට
මා බදින්නට උඹ
කැමති නැත...


ඒත් තවමත් කඩේ යමි මම...

7 comments:

  1. අන්තිම පේලි 4 ???????????????????? :(

    ReplyDelete
    Replies
    1. තමන්ට අකමැති ගැහැණු ළමයෙකු වෙනුවෙන් වදවීම...:)

      Delete
  2. hithea hangana windina duk kanda
    Mehema liwwada mage saki sanda

    ReplyDelete
    Replies
    1. අපෝ මේ කොහොමටවත් මගේ හිතේ තියෙන දේවල් නෙමෙයි...:)

      Delete
  3. "උඹ නැ කැමති මට
    ඒත් මම කැමති උඹට
    කවදා හරි කැමති වෙයි සිතා
    කඩේ යමි උඹට මම..."

    ඔයාගේ භාශා හැසිරවීම අනිත් කවීන්ට වඩා වෙනස්.. :) හැබැයි ඔයාගේ කවි ඇතුලේ ඒකාකාරී.. :) ලස්සනයි නමුත් ඒකාකාරී.. ඔයාට තරඟ කරන්න වෙන්නේ ඔයා එක්කමයි.. ට්‍රයි කරලා බලන්න දසුනි ඔයාගෙම කවියක් එක්ක තරඟ කරන්න.. ජය වේවා!!

    ප.ලි කිවූ දේ වරදවා වටහා නොගනී කියා සිතනවා.. මම මෙහෙම කියන්නෙ නැ එහෙම වටහා ගනී කියලා හිතෙන කෙනෙක්ට.. :)

    ReplyDelete
  4. අයියෝ... මට මාවම මතක් වෙනවා..

    ReplyDelete
  5. නියම අදහසක් ....මට නම් තාම එහෙම කෙනෙක් හම්බ වුනේ නැහැ, බලමු පිටරටකදිවත්.... හි හ් හි

    ReplyDelete