වලාකුලේ මියගිය රෝසමල් කුමාරිය

පුවත්පත් කලාවේදිනියක් පොලවෙ පයගහලා ජීවත් වෙන්න ඕන නිසා මම වැඩිය උස අඩි තියෙන බොරු කකුල් වලට කැමත්තක් නෑ.ඒ නිසා දාන්නෙම ෆ්ලැට් සෙරෙප්පු.
හිස් බවක් නැති ලිපියක් ලියන්න හිතුනා.ඒත් මම ඉන්නේ හිස් බවකින් පිරුණු ලෝකෙක.ඇත්තටම කියනවා නම් ෆැන්ටසි ලෝකෙක.ඒ අනිත් අය කියන විදිහට.ඒත් මට හිතෙන විදිහට මේ විදිහ හොදයි.කොහොමත් යතාර්ථය ඇතුලෙ ජීවත් වෙන්න අමාරුයි.යතාර්ථය ඇතුලෙ ජීවත් වෙන්න හුගක් දේවල් උවමනා කරනවා.ඉගනීම,රැකියාව,සල්ලි....ඒත් මායාව ඇතුලෙ ජීවත් වෙන්න ඔය මුකුත් ඕන නැහැ.
මම නිදාගන්නෙ වලාකුලක.මේ දැනුත් නිදාගෙන නැගිට්ටා විතරයි.ඒ වලාකුල සුදුපාටයි.ඇස් දෙකපියාගෙන පුන්චි වලාකුලක් තුරුලු කරගෙන මම නිදාගන්නෙ අහසෙ.සමහර වෙලාවල සුරංගනාවියො මම නිදාගෙන ඉන්න වලාකුල ඒ අතටත් මේ අතටත් පද්දනවා.තොටිල්ලක් වගේ.ඒත් හැමදාම එහෙම කරන්නෙ නෑ.හිතුනම විතරයි.
මගේ හීන කුමාරයා ඉන්නෙ බිම.මගේ කාමරේ බිම.හාන්සි වෙලා.සුදු පාටින් පුරවපු බැලමකුත් එක අතකින් අල්ලගෙන.මම එයාට සමාන්තරව බිම හාන්සි වෙලා ඉන්න කැමතියි.මගේ අතේ තියෙන්නෙ හදවතේ හැඩේට හැඩගැහුනු බැලුමක්.ඒ වෙලාවට මම එයාගෙ අතින් අල්ල ගන්නවා.පුන්චි ප්‍රශ්නෙකට තියෙන්නෙ මම විතරයි ජීවමාන.එයා ඉන්නෙ චෝක් වලින් ඇදිලා.මම සම්පූර්ණ පණ පිටින්.අසාමාන්‍යයි කියුවට ඇත්ත ඒකයි.ඒක හරිම සොදුරුයි.
හීන කුමාරයගෙ රූපෙ ඇදලා තියෙන්නෙ චෝක් කූරකින්.පුන්චි ලමයෙක්ගෙ රූපයක් වගේ.ඒත් එතකොට ප්‍රශ්න අඩුයි.මම කැමති කෙනෙක්ව එතනට ආදේශ කරගන්න පුළුවනි.කොහොමටත් මාස තුනකට විතර සැරයක් එතනට ආදේශ කරගන්න කෙනා වෙනස් වෙනවා.
සමහර වෙලාවට දොඹ ගෙඩි වගේ වතුර බින්දු අපේ බැල්කනියට වැටෙනකොට මම ජනේලෙ ඇරගෙන බැල්කනිය දිහාට ඔලුව දික් කරගෙන ඉන්නවා.එතකොට එහාගෙදර බැල්කනියෙ ජනේලෙන් ඔලුව දික් කරගෙන ජැක් මගේ දිහා බලාගෙන ඉන්නවා.සමහර වෙලාවට අපි හාදු හුවමාරු කරගන්නවා.
"ඔය ළමයට පිස්සුද වැස්සට ඔලුව දික් කරගෙන ඉන්න..."ඒ වගේ සුන්දර මොහොතක් නිමාවට පත්වෙන්නෙ ඒවගේ කටුක වදනකින්.අපේ අම්මා කියන.අම්මට නොපෙනෙන්න ඉන්න ජැක් දන්නවා.මම රෝස් වෙනවා.මට නැවක ඉන්නවා වගේ දැනෙනවා.
මම මගේ දුක ඔක්කොම කියන්නෙ වත්තෙ තියෙන වදගහට.සමහර වෙලාවට මම වදගහට තුරුල් වෙලා අඩනවා.හීන ලෝකෙ ඉන්න හැම පෙම්වතෙකුටම වඩා සුන්දර විසදුම් ,ප්‍රායෝගිකව මට වද ගහ කියලා දෙනවා.ඉද හිටක මට හුගක් දුක හිතුන දවසක බයි කලර් මලක් පිපෙනවා.එතකොට මගේ කදුලු ඔක්කොම ඒ බයිකලර් මල පිහිනවා.
මේ ලියමන ලියුවට පස්සෙ මම මේ යෝගට් එකට නිදි බෙහෙත් දාලා කනවා.ඒකට දාන්න ස්ට්රෝබරියි කොලමිදියි මම ගෙනාවා.එතකොට රහට තියෙයි.මැරෙන්න උනත් මම කැමති කලාත්මක විදිහට.මම රෝස මල් පොකුරක් ගෙන්නගෙන මම නිදා ගන්න වලාකුලේ හැමතැනම ඇතිරුවා.මම වලාකුලක් උඩ මියගිහින් ඉන්නකොට හැමෝටම දුක හිතෙයි."වලාකුලේ මියගිය රෝසමල් කුමාරිය"කියලා අපේ පත්තරේ හෙඩ් ලයින් වැටෙයි.
මේ හැම දුකකටම හැම තීරණයකටම හේතු වුනේ අපේ අම්මා කියනවා මට ඇහුනු කතාවක්.
"අපේ ලොකු කෙලීට කළු කුමාර දිශ්ඨිය කියලා කට්ටඩි මහත්තයා කියුවා.තොවිලයක් නටන්න වෙයි.."
හැබැයි මේ වෙනුවට මට පත්තරේට ආටිකල් එකක් ලියන්නත් තිබුනා...
"කළුකුමාර දිශ්ඨියේ මිත්‍යාව" කියලා.
අම්මා දන්නෙ නෑ මම කළු කුමාරයොන්ට කොහොමත් කැමති නෑ.
විලියම් කුමාරයා කේට්ගෙන් දික්කසාද වෙලා මට ආදරෙයි කියුවෙ පෙරේදා....අම්මටත් ඉරිසියාව.
වහින වෙලාවට ජනේලෙන් එලිය බලන් ඉන්න එකෙත් හරිම කික් එකක් තියෙනවා.
ReplyDeleteඔව් එතකොට පොලව උඩ වතුර මල් පිපෙනවා පේනවා...
Deleteඅපි හැමොම කළු කුමාර දිශ්ඨිය නැතත් ඉඳලා හිටලා හරි වලාකුලක ජීවත් වෙන්න කැමතියි..
ReplyDeleteඒත් නිදිබෙහෙත් දාලා යෝගට් කන්න ..ඊයා මට නම් එපා..
ඔව් වලාකුලක නිදියන එක හරිම ශෝක් ...පුළුන් කොට්ටයක් තුරුලු කරගෙන.
Deleteපිස්සු නම් වෙන්න බෑ කොහොමටත්, මේ හැටි වෙන්නෝන.......!
ReplyDeleteප්‍රතිචාරය:
(ඔය මං කිවුවේ. මුං හැමෝටම ඉරිසියාව.)
හැටි වෙන්න ඕන...ඇත්තටම හැටි වෙන්න ඇති.:P
Deleteමාරයි.. හරිම ලස්සනයි.. :)
ReplyDeleteබොහොම ස්තුතියි... ඒ වගේම උපදෙසටත් ස්තුතියි නන්ගී.:)
Deleteඔබ ලියන දේවල්................................වචන නැහැ ඔබේ ලියවිල්ලට අක්කෝ..........
ReplyDeleteබොහොම ස්තුතියි නංගී
Deleteමෙන්න මෙයාට බිංදුව හම්බවෙලා. යේ............!!!!!!!!!
Delete