ඉටු නොවුනු පැතුමක්
ඇහි පිහාටුවකට අලවා
පා කර අරිමි මම...
ඔබ ඈත
මට නොපෙනෙනා දුරක හිද
අල්ලාගනු ඇතැයි,
පිරිමැද ,
හාදුවක් දෙනු ඇතැයි...
ඔබේ ඇසි පියන් මත
අලවා ගනු ඇතැයි
සිතමින්...
සමහර විටක
දුටුවාත් නුදුටුවා මෙන්
සිටිනු ඇත...
පාවෙලා යන
දන්නා කෙනෙකුගේ
නොදන්නා ඇහි පිහාටුව....
කියන්න හදන දේ නම් හිතාගන්න හැකියි.ඒත් ඇහි පිහාටුවක් ගැලපෙනවාද....
ReplyDeleteඔව්නෙ ඇයි අපි ඇහි පිහාටු වලනෙ හීන අලවලා යවන්නේ....:)
DeleteNice...
ReplyDeleteThank u
Deleteyou have nice ideas.
ReplyDeleteThank u Bindi
Delete//දන්නා කෙනෙකුගේ
ReplyDeleteනොදන්නා ඇහි පිහාටුව....//
නොනවතුනිද
නොදන්නා හිතක් ලඟ..
ඇසිල්ලකටවත්
( විහිලුවක් )
කවිය ලස්සනයි දසුනි
එහෙම නැවතුන වෙලාවල් ඇත
Deleteනොකීවත් හැම ඇහිපිහාටුවම...
is this link with http://unsaid-dasuni.blogspot.com/2010/08/blog-post.html
ReplyDeleteNope...:)
Delete