මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, October 27, 2012

ඇහි පිහාටුව

ඉටු නොවුනු පැතුමක්
ඇහි පිහාටුවකට අලවා
පා කර අරිමි මම...

ඔබ ඈත
මට නොපෙනෙනා දුරක හිද
අල්ලාගනු ඇතැයි,
පිරිමැද ,
හාදුවක් දෙනු ඇතැයි...
ඔබේ ඇසි පියන් මත
අලවා ගනු ඇතැයි
සිතමින්...

සමහර විටක
දුටුවාත් නුදුටුවා මෙන්
සිටිනු ඇත...
පාවෙලා යන
දන්නා කෙනෙකුගේ
නොදන්නා ඇහි පිහාටුව....

10 comments:

  1. කියන්න හදන දේ නම් හිතාගන්න හැකියි.ඒත් ඇහි පිහාටුවක් ගැලපෙනවාද....

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ ඇයි අපි ඇහි පිහාටු වලනෙ හීන අලවලා යවන්නේ....:)

      Delete
  2. //දන්නා කෙනෙකුගේ
    නොදන්නා ඇහි පිහාටුව....//

    නොනවතුනිද
    නොදන්නා හිතක් ලඟ..
    ඇසිල්ලකටවත්

    ( විහිලුවක් )

    කවිය ලස්සනයි දසුනි

    ReplyDelete
    Replies
    1. එහෙම නැවතුන වෙලාවල් ඇත
      නොකීවත් හැම ඇහිපිහාටුවම...

      Delete
  3. is this link with http://unsaid-dasuni.blogspot.com/2010/08/blog-post.html

    ReplyDelete