නිදිගැට කඩන සමන්පිච්චා මල් අතර
මම වැලපුනෙමි
පිනිබින්දුවක් මල් වලට කිතිකවා හිනැහෙන
ඔබට බැදි පෙම නිසා...
ඉර එලිය හොරෙන් විත් සුදු පාට රැගෙන යන
හිත හුගක් රිද්දන්න ඇති මම
සමන්පිච්චා මල් කෝල ලෙස හිනැහෙත
මගෙ වචන හරි සැරයි,කිනිසි තුඩු පරාදයි
ඉර එලිය පිච්ච මල් අත පතන
නුඹ මට වචනයක් වත් සැරෙන් නොදොඩන
ඉර සමග මිය යන්ට පිච්ච මල් සතුටින්ය...
මගේ හිත ඒ නිසා තවමත් ඇදුම් කන..
මගේ හිත පිස හමනු මැන
සිහිල් සීතල සුලගක්ව
මල් සුවද හද මත තවරාන...
ReplyDeleteපිච්ච මල නොවෙමි
ඉර සමග මියැදෙන..
මා ඉතින් මමම වෙමි
අරුතක් නොම දෙමි..
එනමුදු..
සිහින දකින්නිය
නුඹට පෙම් බඳින..
මල් අතර වැලපෙයි
ඔයා ලීවෙ මේ ගැනද?
මේක හරිම ලස්සන කවියක් දසු
proud of you Dasu. U hv improved lot. keep it up.
තැන්කු වෙරිමච් අනූ.ඔයා කියපු එක ගැන නම් නෙමෙයි ඉතින් මම ලියුවෙ හැබැයි...:)
Deleteලස්සන අදහසක්
ReplyDeleteස්තුතියි වර්ණා:)
Deleteහ්ම්ම්... අපූරු කවි පෙළක්...
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි...
Deleteහැංගුනු කතාවනං හොයාගන්න බැරි උනා මට...
ReplyDeleteමෙහෙම කරන්න තාරියා පේලියක් ඇර පේලියක් කියවන්න.ඔතන තියෙන්නෙ කවි දෙකක්.අන්තිම පද හතර අයිති වෙන්නෙ දෙවනි පේලියෙන් පටන් ගන්න කවියට
Delete:)
ReplyDelete:)
Deleteලස්සනයි...
ReplyDeleteලස්සන නිර්මාණයක් !
ReplyDelete