මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, October 8, 2012

හැංගුනු කතාවක්

නිදිගැට කඩන සමන්පිච්චා මල් අතර
මම වැලපුනෙමි
පිනිබින්දුවක් මල් වලට කිතිකවා හිනැහෙන
ඔබට බැදි පෙම නිසා...

ඉර එලිය හොරෙන් විත් සුදු පාට රැගෙන යන

හිත හුගක් රිද්දන්න ඇති මම

සමන්පිච්චා මල් කෝල ලෙස හිනැහෙත

මගෙ වචන හරි සැරයි,කිනිසි තුඩු පරාදයි

 

ඉර එලිය පිච්ච මල් අත පතන

නුඹ මට වචනයක් වත් සැරෙන් නොදොඩන

ඉර සමග මිය යන්ට පිච්ච මල් සතුටින්ය...

මගේ හිත ඒ නිසා තවමත් ඇදුම් කන..

 

මගේ හිත පිස හමනු මැන
සිහිල් සීතල සුලගක්ව
 මල් සුවද හද මත තවරාන...

12 comments:



  1. පිච්ච මල නොවෙමි
    ඉර සමග මියැදෙන..
    මා ඉතින් මමම වෙමි
    අරුතක් නොම දෙමි..

    එනමුදු..
    සිහින දකින්නිය
    නුඹට පෙම් බඳින..
    මල් අතර වැලපෙයි

    ඔයා ලීවෙ මේ ගැනද?

    මේක හරිම ලස්සන කවියක් දසු

    proud of you Dasu. U hv improved lot. keep it up.

    ReplyDelete
    Replies
    1. තැන්කු වෙරිමච් අනූ.ඔයා කියපු එක ගැන නම් නෙමෙයි ඉතින් මම ලියුවෙ හැබැයි...:)

      Delete
  2. හ්ම්ම්... අපූරු කවි පෙළක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි...

      Delete
  3. හැංගුනු කතාවනං හොයාගන්න බැරි උනා මට...

    ReplyDelete
    Replies
    1. මෙහෙම කරන්න තාරියා පේලියක් ඇර පේලියක් කියවන්න.ඔතන තියෙන්නෙ කවි දෙකක්.අන්තිම පද හතර අයිති වෙන්නෙ දෙවනි පේලියෙන් පටන් ගන්න කවියට

      Delete