මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, April 27, 2013

උඩින් යන දෙවියන්ට...

 "වෙත:-උඩින් යන දෙවියෝ,
වලාකුල,
අහස...."

 

 

 

මම දන්නවා
ඔය දුවන වලාකුලු මතුපිට
දෙවිවරුන් ඉන්න බව..


රජවරුන් සේ ගමන් යන බව
ඉද හිට හොරැහින්
පොලව දෙස නෙත් හෙලන බව....

 

ලියන කවි කියවන බව
කවි අතර තම නම සොයන බව....

කවි වරන කාලෙට
සෝ සුසුම් හෙලන බව...


එහෙම කාලෙට
පොලොවට හයියෙන් වහින බව
ඒ වැහි වතුර වල
ලුණු රසක් තියෙන බව...


ලියා දන්වන වග නම්,
අහසට,

 දුකින් වුව...

 

ඉස්සොරෝම කාලෙක
වලාකුළු වල ලියුව කවි වල
දෙවිවරු උන්නාට....


පොලවෙහි පය ගසා
පත් ඉරු මත ලියන කවි වල
තවත්,
උඩින් යන දෙවියන්ට ඉඩක් නැති බව...

2 comments:

  1. ඒ මොකද දෙවියනේ ඒ?

    ReplyDelete
  2. එහෙම තමයි දෙවියනේ...:D

    ReplyDelete