මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, October 17, 2010

ආපසු....Old Students Meeting-2009(University of Peradeniya)---කෙටිකතාවක්

"ඔයාව දෑකපු කල්...."

හ්ම්ම්...හරියටම අවුරුදු 40ක්..හුගක් කල් නේද?

“ඔයාව දෑක්කම මට සතුටු හිතුන හුගක්.ඒත් දෑන් වෙනස්...ඉස්සර කොයි තරම් ලස්සනද...දිග කොන්ඩයක් තිබුන මට මතකයි.”

“ඒත් දෑන් කෑතයි කියන්න එපා.ගෑහෑනු ලමයි කවදත් කෑමති නෑ පිරිමියෙක් කෑතයි කියනවට...”

“ඔයා තවමත් ...අවුරුදු 40කට පස්සෙත් ගෑනු ලමයෙක් ද?හිනා වෙන්නට කාරණාවක්...”

“සමහර විටකදි,සමහරු ඉස්සරහදි තාමත් එහෙම වෙන්න පුලුවන්....කොන්ඩෙ පෝනිටේල් එකක් දාල බොහොම ආඩම්බරෙන් යන ගෑනු ළමයෙක්...

කාලය ගත වෙන්නෙ නෑති නම්..

ගලහ හන්දියෙන් බස් එකෙන් බෑහෑල දේශන වලට යන්න පුලුවන් නම්...තාමත් ඉස්සර වගේම,ඔයා දිහා නොබල...”

“මම දිහා නොබල යන එක ඔයාට සතුටක් වුනා එහෙනම්...මට දුකක් ඔයාට සතුටක්.ඒකත් පුදුමයි....එක්කෙනෙකුට සතුටක් ,තව කෙනෙකුට දුකක්....”

"ලෝකෙ එහෙම තමයි.මම දෑනගෙන හිටියෙ නෑ ඒ කාලෙ.චරිතය කියන්නෙ වෑදගත් සාධකයක් නොවෙන බව....ජීවිතයට ,ගෑහෑනියකගෙ... විවාහයට..."

"සෑහෙන්න වෙනස් වෙලා.."

“වයසත් එක්ක මිනිස්සු පරිනත වෙනවා...”

"මම දකින්නෙ අපරිනත වීමක්..මම කෑමතියි ආඩම්බර ගෑනු ළමයාට.... මට පුලුවන් ඒ දවස් වල වගේ සින්දුවක් කියන්න...ලෝකාන්තෙ නගින ගමන්.....මතකද මම කියපු සින්දුව...."

"අමතක නෑහෑ...ඊට පස්සෙ කවුරුවත් මගේ පස්සෙන් සින්දුවක් කියමින් ඈවිත් නෑහෑ..."

"උඩු ගුලියන් ගොතා බදින ,නීල වරල සරසන්නට මා පිපුනේ නෑත...මේ දෙරණේ..."

“ලෝකාන්තයට නගින කල්ම එකම පිරිමි ශිෂ්යවයෙකුට වත් අත නොදුන් එකම ගෑහෑනු ළමයා.....”

“කවුරුවත් අල්ලපු නෑති අතක්...සමහරු ස්පර්ශ කරන්නට බලා සිටි අතක්... ගෑහෑනු ළමයාට වයස 36 දී අගයක් නෑතිව වෙන්දේසි වුනා...”

“විවාහය???..”

“බොහොම සම්ප්ර?ධායිකයි...යෝජිත හා යෝජිත නොවන...විවාහ වෙන වයස පසුවෙමින් හිටි දෙදෙනෙක් හදිසියේ විවාහ වුනා...”

"ප්රාවර්ථනාවන්...???මට මතකයි පූසො පස් දෙනෙක් හදනව කියල ඔයා කියුව...විවාහයෙන් පස්සෙ..."

“ළමයිනුත් ඉන්නෙ එක්කෙනයි... ඒත් හුගාක් කාලෙකින් බෑනුම් හුගාක් අහල...,ඉතින් මොකටද පූසො...”

“මම පූසො පහක් හෑදුව...අපේ ගෙදර... බිරින්දෑගෙන් බෑනුම් අහමින්...

මම හිතුව ඔයත් ස්වාමියාගෙන් ඒ විදියටම බෑනුම් අහනව ඈති කියල...”

“බෑනුම් ඈහුවා.පූසො නිසා නම් නෙමෙයි...”

“?????”

“විවිධ හේතූන්..”

"ප්රිබල නොගෑලපීම්...??????"

“එයා පොලොව බදාගෙන හිටියා....මට කරෙකක් ඕන උනා...”

“දුක්ඛ දායකයි...ශෝචනීයයි... අතරතුර ඉරිසියාකාර සතුටක්…”

“?????”

“මම හිතුවා ඔයාව බදින ඕනෑම කෙනෙකුට සතුටින් ඉන්න පුලුවන් කියල....

මොකද්දෝ අමුතු සතුටක්...

මට නොලෑබුනු සතුට අන් කෙනෙකුට නොලෑබීමේ සතුට වෙන්න ඈති...”

“ඔයා සතුටින්ද...එහෙනම් මටත් සතුටුයි...”

“තාමත් ඉස්සර වගේම අනුන්ගෙ සතුටින්ද සතුටු වෙන්නෙ...”

“නොවෙනස්...”……….

“ප්රෙශ්නයක්...අන්තිම සහ අවසාන....

මට අද අතින් අල්ලන්න පුලුවන්ද???”…..

“ගොරෝසු සහ රලු...?????”

“මෘදු.....”….

 

“……………………………………………………………….”


















































































2 comments:

  1. is it true? anyway nice,long story but කෙටිකතාවක්

    ReplyDelete
  2. උඩු ගුලියන් නෙමෙයි.... උඩඟු ලියන්...... Nice writing

    ReplyDelete