මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, March 19, 2011

අලුත් දෝණිට...

අලුත් දුවෙක් ඊයෙ ආව මගේ ලෝකෙට....

මට දැන් වයසයි...
හුගක් නැතුවට ටිකක්....
අලුත් දෝනිය හරියටම ජීවිතේ හරි මැද....


එයා දන්නෑ ජීවෙතේ තාම හරියට...
මටත් මතකයි මමත් ඔහොමයි...
අවුරුදු විස්සකට එපිටදි....


රෝස මල් උඩ ඇවිදගෙන ගිය...
කාලයක් තිබුනා මටත්...
දයාවෙන් පිරි ඔහුගෙ ඇස් වල,
ආදරේ දැක්කා මමත්...


කුරුලු ගී හඩ ඇසුන ඇළ බඩ
නගින අදුරෙහි හුදකලාවෙහි
ඔහුගෙ තුරුලෙහි සැනහෙමින් හිද
පෙමින් දින ගෙවුවා මමත්...

නවුමු නිවසක සුවද වින්දෙමි...
කිරි සිනා හඩ තුටින් ඇසුවමි...
කදුළු වල රැදි රසය වින්දෙමි....
ජීවිතය මෙය යයි හැදින්නෙමි....

ඉතින් මා නොතැවෙනිමි...
එදා මෙන් බොළද ලෙස….
දිවිය අතැඹුලක් සේ
දැන හැදින හිදින්නෙමි...



තවත් ටික දුරයි මට...
මග බොහෝ දිගයි ඇගෙ...
දෝණියේ හරි සෙමෙන්...
සුමුදු පා ඔසවන්න...


4 comments:

  1. ලස්සනයි!



    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරානම් කොමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete
  2. ස්තුතියි...
    word verification අයින් කරා....:)))

    ReplyDelete
  3. ලස්සනයි

    ReplyDelete
  4. හොඳ තේරුමක් තියනවා.........

    ReplyDelete