මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, March 30, 2011

ආදරය යනු....සoකීර්ණව....

හිනාව.... මේ දවස් වල දත්බුරුසු ලාබයි...දත් කහපාට එක එයාට උපතිනම් ලැබුනු දෙයක්ද දන්නෙ නෑනෙ....කොහොමටත් හිනාව ලස්සනයි....කවුදෝ දැකපු කෙනෙකුත් වගේමයි....


මම වත්සලාට කැමති නෑ.එයා මට හුගක් ආදරෙයි.ආදරේ උනාට මම ආදරේ නෑනෙ.මම තමයි ඉස්සෙල්ල ඇහුවෙ.ඒත් ඉතින් එයා නැති උනොත් මම මැරෙන තත්වයක් තිබුනෙ නෑ.එයා කැමති උනානෙ.නිකන් පටන් ගත්තෙ.පස්සෙ අර ගනන් වල තියෙන ශ්රි තයක් වගේ උඩට ගිහින් ආයෙමත් පහලට ආව. දැන් නිකන් කෝල් එකක් දෙනව විතරයි.අපි බදිනව කියල හිටියෙ නෑනෙ.ඒ නිසා මට පවු නෑ. ඒත් ඉතින් කෝල් කරනවා.

අහ්... මම කල්පනා කලේ වෙන දෙයක් නෙ.හැගුම් ඇත්තටම මාර සෙක්සි.අමුතු බැල්මක්...හුරතලයක්....කෙට්ටු ඇගක්....ලස්සනයි ඉතින්...හිනාත් වෙනව...කතා තමයි කරන් නැත්තෙ.

හැගුම් ඇත්තටම මොනවගේද...මම දැකල තියෙනව...ඇහැටත් හොදට හුරුයි....

කවුද ඒ...

කවුරු වගේද් එයා....

වත්සි මෙලහකට නිදි ඇති....
ඉස්සරනම් දෙලහ එක වනකල් මල් කැඩුවා.
දැන් ඉතින් සතියකට එක පාරයි දෙපාරයි....

වත්සි හැගැගුම් වගේද...
හැගුම් වත්සි වගේද....

වත්සි තාම බැදල නෑ...
හැගුම් නම් බැදලා...


වත්සලා....මම ඔයාට ආදරෙයි...

1 comment:

  1. වරදක් හිතන්න එපා
    මේක පල කරන්නත් එපා
    එත් මේ ආර්ටිකල් එක මට තේරෙන්නේ නෑ..
    මගේ රසස්වාදයේ අවුලක්ද දන්නේ නෑ ,
    ඔයාමද මේක ලිව්වේ?
    මේකේ තත්ත්වය ඔයාගේ අනිත් නිර්මාණ වලට වැඩ ගොඩක් අඩුයි වගේ මට දැනෙන්නේ...
    :) :)

    ReplyDelete