මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 21, 2011

පැණි වලලු....



පැණි වලලු බුදින්නට,
පැණිවලලු උයන්නට දැනගත යුතුම නැත...
ආදරය ලබන්නට,
ආදරය කරන්නට දැනගත යුතුම නැත...
සැමියෙකුගෙ ආදරය ලබන්නට,
පොතක අත්සන් කලයුතුම නැත...
නිවසක් තනන්නට,
ගෙදරක් තිබිය යුතුම නැත...

නැන්දම්මාකෙනෙක් වන්නට
දරුවෙක් දීගතල දිය යුතුම නැත...
පොඩි දරුවකුට සෙනෙහෙ වන්නට,
අම්මා කෙනෙක් විය යුතුම නැත....

1 comment:

  1. ඔබට ආදරය පුදන්නට...
    ඔබෙන් ආදරය ලබන්නට...

    ඔබ අන් සතුය...
    මමද අන් සතුය...

    ReplyDelete