මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, December 7, 2011

හෙට අන්තිම දවස(ගබ්සාව නීතිගත කිරීම සධාරණය )



අම්මාට කියුවෙමිය...
රෝසපාට ගවුම් වලට
සින්දු කියන කුරුල්ලන්ට
කතන්දර පොත් වලට
ආසයි....

"පුතේ නුඹ දන්නැතිය
නම නොදත් තාත්තා
දන්නෙවත් නැත
නුඹ කුසේ විත්තිය."

"අපෙ මොකෝ අම්මේ,
අපි ට අපි ඉදීවි හැමදාම...
මම බලාගන්නම්
බැරිදාක
රස්සාව...
(රහසින්...)
මම
අම්මා දන්නෙ නැති,
 තාත්තා දන්නවා
විනාඩි දහයකින් තාත්තා කෙනෙක් වුන"

"පුතේ උඹ නිසා
මට මගේ රස්සාව ,
තව කරන්නට බැරිය...
ඉස්සර  බලපු ඇස් දැන් බලන්නේ නැතිය..."

"මාව දැනෙනවද අම්මේ???
අපි පස්සෙ කාලෙක සෙල්ලම් ගෙයක් හදමුද???"

"දොස්තර මාමා හෙට
 රිද්දනවා ඔයාට
හැබැයි හෙට විතරයි
ඉන් පස්සේ අපි අපිව දන්නෙ නෑ"

"සාමා අමර මල් පිපීදැයි බලන්නට
මට ඕන..."

"අපි අපේ නොවන බව
දැනගෙනත් තව කුමට...
පුතේ දැන් නිදියන්න..."

5 comments:

  1. පව් මේ විදියට කොයි තරම්නම් පොඩි බබාලා මරනව ඇත්ද? මොන හිතකින් අර කුසේ ඉන්න දරුවව මරනවද?මට නම් හිතාගන්නවත් බෑ.

    ReplyDelete
  2. ඉතාම කාලීන අදහසක් ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. දිගටම මේ වගේ දේවල් (නොකී දෑ) කියන්න වරම් ලැබේවා

    ReplyDelete
  3. බොහොම ස්තුතියි...:)....මට හිතෙන හැටියට අපිට ගබ්සාව කොයිතරම් සාධාරණීකරනය වෙලා පෙනුනත්,අම්ම කෙනෙකුගෙ කුස ඇතුලෙ ඉදන් බලන කෙනෙකුට එහෙම පේන්නෙ නැතුවැති නේද???මොනව කරන්නද එයාලට කුස ඇතුලෙ උද්ගෝෂණ කරන්න බෑනෙ...

    ReplyDelete
  4. ගබ්සාව සම්බන්ධව අවසන් තීරණය අදාල මව සතුවිය යුතුයි කියලයි මම හිතන්නෙ. පිටින් ඉඳන් අපි මොනව කිව්වත් යම් තත්ත්වයක් මත ගබ්සාව හොඳ විකල්පයක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. ලංකාවේ ගබ්සා කරන්න පුලුවන් ඒ ගර්භනීත්වය තුලින් මවගේ ජීවිතයට හානි වෙනවා නම් පමනයි!නමුත් නීත්‍යානුකූල ගබ්සාවට තව බොහො කොටස් අයිතියි..ඒවා අපි හිතන තරම් අසාධාරණ හේතු නෙවෙයි. මේවා ගැන මගේ පෝස්ටුවක් තියනවා..කැමතිනම් ගිහින් කියවන්න!
    http://sabithl.blogspot.com/2011/10/legal-abortion.html

    ReplyDelete