හැරී පොටර්
කවි ලියවෙන්නෙ නැති
හරි අපල කාලයකි...
ලොකු පොතක් කියවන..
හොග්වර්ඩ්ස් වල තරු එලි ලාම්පු
හරි සෞම්‍යව...
හැරී සමගින් ක්විඩිච් සෙල්ලම්...
හර්මයිනි හොරෙන් රොන්ට හාදුවක් දෙන
අපිට ඒ බව නොපෙනෙන්ට
මායාවකුත් කරන...
මම හීනෙනුත්
මායාවන් පුරුදු වෙන...
තරහ ගිය විට
අත යශ්ඨියක් කොට
"අවාඩා කඩවේරා කියන"....
ඇගිලි තුඩගින්
කොල එලිය නික්මෙත
තරහකරු
මියැදී 'ඩොං' ගා
බිම වැටෙන...
මම ආයෙමත්
ඉස්කෝලෙ යන වයසට
කොස්සක් උඩ නැගී
පියාඹායන...
මායා කොස්සක් උඩ නැඟලා
ReplyDeleteඅහසේ පියාඹාගෙන යන්න මටත් ආසයි...
ජය වේවා..!!
එන්න ...එන්න...අපි දෙන්නම පියාඹමු....
Deleteගොඩාක් ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි...
Delete// මම ආයෙමත්
ReplyDeleteඉස්කෝලෙ යන වයසට
කොස්සක් උඩ නැගී
පියාඹායන.//
මරු අෆ්ෆා... මටත් කොස්සක නැගල යන්න ආසවක් තිබ්බ ඉස්සර... තාමත් තියනවද මන්දා
හි හී මට නම් තියෙනවා....
Deleteඑක්ස්පෙලියාමාස්!!!!!!!!!!!!!
ReplyDeleteකෲශියස්...
Deleteපොර්ටිගෝ
Deleteඑක්ස්පෙක්ටෝ පැට්රෝනම් :)
Deleteකාලයක් තිබුනා
ReplyDeleteඇන්ටනාවෙන්
යශ්ටියක් හදාගෙන
පරණ රෙද්දක් පොරවාගෙන
වෙන්ගාඩියෝ ලෙවියෝසා නමින් හඬ නඟන
ලමුන්ගෙන් පිරි තැනක්...
අද,
බුකිය ස්ලෝව් යැයි කෑ ගසන
පෝක් කර සතුටුවන
වෝෆෙයාර් වලින් වෙඩි තියාගන්නා
කවුරුන්දෝ නොදන්න
අයගෙන් පිරුණු තැනක්
හැමදාමත් ආස කලා..
ReplyDeleteමැජික් වලට..
හැබැහින් බැරිවුනත්..
සිහිනෙන්වත් වෙන්නට..
ආසයි තවමත්..
ලස්සන කවි පෙලක්.. වෙල් සෙයිඩ්..
මම නම් තාමත් ඉස්සර වගේම කොස්සේ නැගී ගමන් යමි...:)
ReplyDeletehttps://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash4/300768_10150320730780547_1831310908_n.jpg
මටත් කොස්සක් ඕනෑය.
Deleteගේ දොර මුල්ලේ ඇති..:)
Deleteපොඩිකාලෙට ආයෙමත් යන්න තියනම්, තන්ඩර්කැට්ගේ කඩුව, සුපර් මෑන්ගේ සළුව කොයි තරම් නම් දේ අපේ හිතේ තිබුනද. මම මකුලුවොත් කවාගන්න හදල තියනවා ස්පයිඩර් මෑන් වෙන්න.
ReplyDeleteලස්සනයි කවි පෙල අක්කේ..
ReplyDeleteමේ දවස් වල මං පනුච්චිත් ආයෙම මුල ඉඳල හැරී පොටර් බලනො... බුකියේ කට්ටිය නම් දන්නවා මම හර්මයිනි එක්ක මැජික් පුරුදු වෙනවා කියලා... ආ... දිනේෂ් අයියත් අක්කේ කියන නිසා මටත් අක්කෙක් නේ.. ඔයාගේ බ්ලොග් එක මරු අක්කේ..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!!