මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 29, 2012

ප්‍රේමය දැකීම

ඇය:- 

මම කවියක් වෙලා සිත අස
ගැයෙන්නම්..
තනුවක් වෙලා සවනත
වැයෙන්නම්...
සයුරක් වෙලා ඔබ අස
හඩන්නම්...
අදුනක්  වෙලා ඔබ නෙත
සරසවන්නම්...

 

 

 

ඔහු:-

මම නුඹේ බත සරි කරන්නම්
ඇදුම් කැඩුමුත් ගෙනෙන්නම්
දරුවන්ට මුදල් රැස් කරන්නම්
ඔබට රැකවරනය දෙන්නම්
ඉතින්
තවත් කවි නොගයනු මැනවි....

කවියකට වත්
තනුවකට වත්
සාගරයටත්
නෙතදුනකටත්
අපේ ප්‍රේමය අසම වෙත්

ප්‍රේමය වනාහී කවියක් ලෙස දකින්නේ ගැහැණුය.පිරිමි ප්‍රේමයේත් යතාර්ථය දකිත්.ඔවුහු යතාර්ථයම හඹායත්.ගැහැනු තව තවත් මායාවටම නැඹුරුවෙත්....

4 comments:

  1. පවුලක දරුවන්ට වැඩිපුර සමීප වෙන්නේ තාත්තටත් වැඩියෙන් අම්මා. තාත්තා දරුවන්ව ජීවත් කරන්න මාර්ගය සොයද්දි අම්මා දරුවන්ට ආදරේ දෙනවා. සාමාන‍්‍යයෙන් කාන්තාව හිතන්නේ එක සීමාවකට විතරයි. ඒකට මායාවක් පසුපස යනවා කියලාම කියන්න බෑ. මොකද කාන්තාව හිතන සීමාව තුළ ඇයට හොද දරා ගැනීමේ ශක්තියක් පිරිමියෙකුට වඩා තියෙනවා. පිරිමි ගොඩාක් දුර හිතනවා ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනි දෙයක්. ඒත් ඒ හේතුවෙන් ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව, ඉවසීම නැතිවෙනවා ගොඩාක් දුරට. ඒ නිසා මම හිතන විදිහට නම් කාන්තාව නිතරම හිතන්න ඕනි සීමාවක් තුළ. එයත් පිරිමි විදිහටම හිතුවොක් වෙනසක් නැති වෙනවා. හැගීම් වලට වැඩිපුර ඉඩ දීම තුළ එතන ලස්සන ජීවිතයක් ඇතිවෙනවා. ඒත් හැගීම් වලට වහල් වෙන්න හොද නෑ.

    අපේ සර් කෙනෙක් කියපු දෙයක් සහ අත්දැකීම් ඇසුරෙන් මට හිතුන දෙයක් :) :) :) :) :)

    ‍හැබැයි මෙතන පිරිමි කෙනෙක්ගේ වගකීම් නියමෙටම පෙන්නලා දීලා තියනවා. ආදරේ ඇතුලෙදි මෙහෙම හිතන පිරිමි ඇත්තටම බුද්ධිමත්...

    ReplyDelete
  2. නෑ .. මගෙ අදහස ඔයිට වෙනස් ...
    පිරිමිත් ඕන තරම් මායාවන්ට යට වෙනවා ...

    ReplyDelete
    Replies
    1. අපේ අදහස් නෙමෙයි,අපි සමාජය දකින විදිහ එකිනෙකට වෙනස් ඇති...:)

      Delete