මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 8, 2012

ඔහු වෙනුවෙන්ම වූ සටහනක්...

සුබ උදෑසනක් හැමෝටම...අද හරිම ලස්සන දවසක්.මට හිතෙනවා කුරුල්ලොත් වෙනදට වැඩිය ලස්සනට සින්දු කියනවා කියලා.මට හොදටම විශ්වාසයි මට විතරයි එහෙම හිතෙනවා ඇත්තෙ කියලා..සමහර වෙලාවට අද ඔයාලටත් විශේෂ දවසක් නම් ඔයාලටත් එහෙම හිතෙනවා ඇති.


මම ජීවිතේ හුගක්ම ආදරේ කරන අජීවී වස්තුව තමයි මේ බ්ලොග් එක.බ්ලොග් ලියන අයට නම් මමමේ කියන දේ හොදටම තේරෙනවා ඇති.ඒ අය තමන්ගේ ජීවිතය අත්දැකීම් බෙදාගන්නෙ තමන් ලියන බ්ලොග් එකත් සමගයි.කතන්දර පොත් ලියන අය නම් ගම් මනංකල්පිතයි කියලා ලියන්නෙත් තමන්ගේ අත්දැකීම්ම තමයි.


ඇත්තටම කියනවා නම් මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් මේ බ්ලොග් එකත් එක්ක බෙදාගත්තෙ හරිම අඩුවෙන්.පෞද්ගලිකතවයට එපිටින් ලබපු සමාජ අත්දැකීම් තමයි මම හුගක් වෙලාවට අකුරු කලේ.ඒත් අතිශයම පෞද්ගලික ජීවන අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාගන්න මම හිතුවා.


සරලවම කියනවා නම් මම විවාහවෙලා අදට හරියටම අවුරුද්දයි.


විවාහය සිදුවුනේ  09-09-2011 දවසෙ.

 

මට අද හරිම සතුටු දවසක්.ජීවිතයේ නොදන්නා කෙනෙක් එක්ක අලුත් ආරම්බයක් ලබාගන්නකොට හැමෝගෙම හිත්වල තියෙන්නෙ තිගැස්මක්.මටත් ඒ තිගැස්ම ඒ විදිහටම සමහරවිට ඊටත් වඩා ටිකක් වැඩිපුර තිබුනා..


ඒත් ඔහු පහුගිය අවුරුද්ද පුරාවට මට ඉතාමත් දයාබර සැමියෙක් වුනා.මගේ ජීවිතය සතුටින් පුරවන්නට ඔහු සමත් වුනා.ඔහුගේ දෙමව්පියනුත් මට ඉතාමත් ආදරයෙන් සැලකුවා.ඉතාමත් බරපතල රැකියාවක් කරන්නෙක් වුනත් ඔහු හැකි උපරිමයෙන් උත්සාහ කලා රැකියාවේ බර මට නොදැනෙන්නට තබාගන්නට.


විශ්වාස කරන්න ඔහු පහුගිය වසර පුරාවටම මට සැරෙන් එක වචනයක් හෝ කතා කර නැහැ.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ආදරණීය කරුණාබර සැමියෙක්.ඒ වගේම ජීවිතයට ආදරණීය මගපෙන්වන්නෙක්.ජීවිතයේ වරදින තැන් නිවැරදි කරගන්නට මගපෙන්වන්නෙක්.


මේ ඔහු වෙනුවෙන් වූ ස්තුතිපූර්වක සටහනක් පමණයි...


24 comments:

  1. ආදරණිය යුගදිවියකට සුපැතුම්..

    ReplyDelete
  2. සුබ පැතුම් හදවතින්ම..!!! :)

    ReplyDelete
  3. shaaa maru maru, niyameta gelapenawa. Onna desh gen subapathum.....

    ReplyDelete
  4. ඔය වගේම ඉන්න ලැබේවායි හදවතිංම සුභ පතනවා!!!!!
    ජයවේවා!!!!!!!

    ReplyDelete
  5. ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි.... :):):):)

    ReplyDelete
  6. ඔය දෙන්නා හරි ලස්සනයි හ්ම්ම් :)
    ජයම වේවා!
    සාර්ථකම වේවා අක්කෝ..:)

    ReplyDelete
  7. ඉතින් ඕං මමත් එකතු උනා සුභ පතපු අය අතරට.

    ReplyDelete
  8. සුභම සුභ යුග දිවියකට ආසිරි ! ඊළඟ අවුරුද්දේ මේ දවස එනකොට මීටත් වඩා සුන්දර දෙවල් ලියන්න එකතු වෙලා තියේවි, එසේ වන්නට ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
  9. උණුසුම් සුභ පැතුම් ඔබ දෙපලටම....!!!!

    ReplyDelete
  10. Thanks a lot my dear friends...:)

    ReplyDelete
  11. සුභ පැතුම් !!!

    ReplyDelete
  12. මම ජීවිතේ හුගක්ම ආදරේ කරන අජීවී වස්තුව තමයි මේ බ්ලොග් එක.බ්ලොග් ලියන අයට නම් මමමේ කියන දේ හොදටම තේරෙනවා ඇති.ඒ අය තමන්ගේ ජීවිතය අත්දැකීම් බෙදාගන්නෙ තමන් ලියන බ්ලොග් එකත් සමගයි.කතන්දර පොත් ලියන අය නම් ගම් මනංකල්පිතයි කියලා ලියන්නෙත් තමන්ගේ අත්දැකීම්ම තමයි.

    කතාව ඇත්ත..

    Happy Anvrsry..:)

    ReplyDelete
  13. Happy Annivasary and Happy Married life everyday..!

    ReplyDelete
  14. Happy Anniversary and have a blissful married life.. :D
    cheers...

    p.s my wishes are bit late.. but late is better than never.. :D

    ReplyDelete
  15. මගෙනුත් සුභ පැතුම් බෙන් සහ දසුනි නංගිට :)

    ReplyDelete
  16. සුභ පැතුම්! :)

    ReplyDelete