මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 29, 2012

අලුත් ගෙදර....

 

 

 "දැන් ඔයාට අලුත් ගෙදර මොනවගේ වෙන්නද ඕන?"

 

"අලුත් ගෙදරක්...මගේම,අපේම ගෙදරක්....ඒ හරිම සුන්දර හීනයක් මතක් වෙනකොටත්....


මම කැමතියි  ලස්සන මැද මිදුලකට.මැද මිදුලට හොදට එලිය වැටෙන්න ඕන.දැල් වගේ ඉර එලිය වලක්වන කිසිම දෙයක් තියෙන්න බෑ.ඇත්ත හොරුන්ටත් එන්න පුලුවන්.ඒකට මට කමක් නෑ.හොරෙක්ට ඇවිත් ගෙනියන්න පුලුවන් රත්තරන්, සල්ලි මහගොඩක් මම මේ කියන ගෙදර නෑ.


 මැද මිදුලට මුහුනදාලා ඉදගන්න මට ඕන උන්චිල්ලාවන් වගේ එකක්.ඒ උන්චිල්ලාවක්ම නෙමෙයි ඉතින්.ලෑලි වලින් හදපු  කොන් හතරට යකඩ දම්වැල් එල්ලුනු.මට නිදහසේ ඉදගෙන පැද්දි පැද්දි ඉන්න පුළුවන් තැනක්...


තව මට ඕන පුස්තකාල කාමරයක්.හොදට එලිය වැටෙන්න දිග ජනේල තියෙන්න ඕන.ෆ්‍රෙන්ච් වින්ඩෝස් කියලත් කියනවා.මේ කාමරේ මගේ ආදරණීයයන් රදවන්න ලෑලි වලින් රාක්ක හදලා තියෙනවා.මම මගේ ජීවිතේ හුගක් ආදරේ කරන අජීවී වස්තු ටික රාක්කවලට වෙලා මම ලියන දිහා බලාගෙන ඉන්නවා.ලියන මේසෙ තියෙන්නෙ  දිග ජනෙල් වීදුරු වලට මූන දාලා.


මම මිදුල දිහා බලාගෙන ලස්සන කතන්දර ලියනවා......"


"හ්ම්ම්...එතකොට කුස්සිය මොනවගේද වෙන්න ඕන???"


"අහ්හ්...කුස්සිය...එහෙම එකකුත් ඕන නේද".........

10 comments:

  1. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුලාන් නිර්දේශ වීම ගැන සතුටුයි....

      Delete
  2. මං හිතන්නෙ ඔයා වගෙ අයට කුස්සියක් ගැළපෙන්නෙ නෑ ...
    කිචන් එකක් නම් සමහර විට හරියාවි ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... කතාවෙ සම්පූර්ණ තේරුමම තේරිලා නැද්ද මන්දා....පොෂ් කමක් ගැන නෙමයි කියන්නෙ.හීන ගැන....ස්තුතියි කමෙන්ට් එකට:)

      Delete
    2. නෑ .. මං ඒක ලිව්වෙ විහිලුවට ....
      අගට දාපු ... හි ... හි ... කෑල්ල වැටිල නෑ ...

      Delete
  3. අළුත් ගෙදර ඉදිවන බාත්රූම් සියල්ල අතපය දිගහැර හැසිරිය හැකි තැන් විය යුතුයි මටනං...

    ReplyDelete
  4. කුස්සි මොකටද අනේ, ඔයා කතා ලියන්න. මම බත් එක කඩෙන් ගෙනත් දෙන්නම්
    ;-)

    ReplyDelete
    Replies
    1. ඕවානම් ගුටිකන වැඩය...:D

      Delete
  5. සමහර විට හොරු එනකොට කෑමත් අරංම එන්න ඉඩ තියෙනවා. ඒ නැතත් උයන එක නම් අතෑරලා දාන්න. එහෙම නොවුනොත් නිදහස ඇහිරෙන්න තියෙන ඉඩ කඩ වැඩී වගේ නේද...?

    ReplyDelete
    Replies
    1. මම අහන්නේ සරත් විහිලු කරනවා කියලා ඔහොමත් විහිලු කරන එක හරිද???;)

      Delete