සමුගැනීම
අදත් සුපුරුදු විදිහට නැතුව නුපුරුදු විදිහට සරල සාමාන්‍ය ලිපියක් ලියන්න හිතුවා.ඊයෙ මම රැකියාව කල තැනින් අයින් උනානේ.හැමදාටම ගෙදර ඉන්න නෙමෙයි. අලුත් තැනකට යන්න.මම අයින් වෙන්න කලින් හිතන් හිටියා මට එතන ඉන්න සමහර අය එච්චර කැමති නෑ කියලා.ඇත්තම තත්වෙ ඒක නෙමෙයි කියලා මට තේරුනෙ අස් වෙන්න තීරණය කලාට පස්සෙ.ඇත්තටම මට කැමති නැති අයත් දෙන්නෙක් විතර ඉන්න ඇති.ඒත් අනිත් අය ඔක්කොම මට කැමැත්තෙන්(වැරදියට හිතන්නෙ එපා මේ ඒ විදිහෙ කැමැත්තක් නෙමෙයි )තමයි ඉදලා තියෙන්නෙ.ඇත්තටම ඒක තේරුනෙ ඊයෙ.
මම එච්චර සංවෘත කෙනෙක් නෙමෙයි නෙ.ඒ නිසා මගේ හිතට හිතෙන දේවල් මම හැමවෙලාවෙම කියනවා.හිතේ රහස් තියන් ඉන්න ටිකක් අමාරු කෙනෙක් තමයි මම.ඉතින් කොහොම හරි මටමල් වලට ඇති කැමැත්ත ගැනත මේ ගොල්ලො දන්නවා. ඉතින් මට ඊයෙ තෑගි ගොඩක් හම්බුනා.ඊයෙ තමයි මට හිතුනෙ මට මෙච්චර ආදරේ කරපු පිරිසක් දාලා යන එක අපරාදෙ කියලා.
තෑගි වල පින්තූර මේත් එක්ක අමුණලා තියෙනවා ඒ වගේම මම ගැන හුගක් සන්වේදී කතන්දර එහෙම එතනදි කියවුනා.මට හරිම සතුටුයි.මේ තෑගි ඔක්කොටම වැඩිය එයාලගෙ ආදරේ මට වටිනවා.
BUZZ RADIO BLOG AWARDS
තවත් සුබ ආරංචියක් තියෙනවා.unsaid-නොකී දෑ බ්ලොග් සම්මාන උලෙලේ නිර්දේශිත නාම අතරට එකතු වෙලා.ඒ ගැන මට හරිම සතුටුයි.පහත අංශ වලට තමයි තේරිලා තියෙන්නේ.
1.හොදම නිර්මාණශීලී බ්ලොග් අඩවිය
2. හොදම රැඩිකල් බ්ලොග් අඩවිය
ඉතින් මට හරිම සතුටුයි.ඒ වගේම මේ නිර්දේශිත නාම නිසා හරවත් බ්ලොග් අඩවි බොහොමයක් දැන ගන්න ලැබුනා.මේ තියෙන්නේ ඒ බ්ලොග් ලිස්ට් එක ඇත්තටම මේ බ්ලොග් හරිම නිර්මාණශීලියි.ඒකෙන් මම කියන්නේ නිර්දේශ වුනේ නැති බ්ලොග් නිර්මානශීලී නෑ කියලා නෙමෙයි.උදාහරණයක් විදිහට හිරුහිමාවි නංගි ගේ බ්ලොග් එක රතු හැට්ටකාරිගේ බ්ලොග් එක දක්වන්න පුලුවන්.ඒවා හරිම නිර්මාණශීලියි.ඒවගේ තව හොද බ්ලොග් ගොඩක් තියෙනවා.
මගේ සුභපැතුම්
ReplyDeleteබොහොම ස්තුතියි කෝරලේ මහත්තයො...
Deleteමගෙනුත් සුබ පැතුම් ...
ReplyDeleteඅලුත් තැනකට ගියාට නෙවෙයි ...
බ්ලොග් එක ඇගයීමකට ලක් වුනා ට ...
බොහොම ස්තුතියි ඔයාට
Deleteතේරුන හැමෝටම - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)
ReplyDeleteබොහොම ස්තුතියි උතුමාණනි.ජයග්රහනයක් නම් ලබන්න බැරි වුනා ඒත් තේරීම ගැන සතුටුයි :)
Deleteඅඩේ ආරංචියි..
ReplyDeleteමගේ උනුසුම් සුභ පැතුම්..
අළුත් රැකියාව සුපිරි එකක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!!!!!!!!!!!
බොහොම ස්තුතියි තාරියා....
Deleteජීවිතේ අළුත් පියවරත්
ReplyDeleteමේ ලද ජයග්‍රහණයටත් හදපිරි සුබපැතුම්...!!! :)
ඉස්සර ඉදලම මගේ බ්ලොග් එක කියවන්න ආවට ඔයාට බොහොම ස්තුතියි...
DeleteBest wishes for your future and the blog!!
ReplyDeleteKeep it up akki..
Thank u verymuch malliya...
Deleteකොමෙන්ට් වැටෙනකම් බලාගන ඉන්නෙ නැතිව මැෂින් එකක් වගේ ලියා ගන ලියාගන යන , හරිම අමුතු , කියවන්න කම්මැලි නැති දසුනිගෙ බ්ලොග් එක මට හම්බවුනේ අහම්බෙන්. මම හිතන්නෙ වළාකුළු ගෲප් එකෙන් නම දැකලා තිබුන නිසා දිගටම කියවන්න ඕන කියලා හිතෙන්න ඇති.. දසුනි ලියන වේගෙන් කියවන්නවත් කොමෙන්ට් කරන්නවත් බැරි වුනාට හැම පොස්ට් එකක්ම කියෙව්වා..
ReplyDeleteඔබේ ශෛලියට ඇත්තටම මම කැමතියි .. සුභ පැතුම්
රැකියා ස්තානය කියන්නෙ, ඉන්නකම් යන්න හිතෙන, යනකොට දුක හිතෙන තැනක්නෙ.. ( ගොඩක් දෙනෙකුට..) :D
බොහොම ස්තුතියි ලකීසිරි.ඔයත් ඉස්සර ඉදලම මේ පැත්තෙ ආවනෙ...කමෙන්ට් හරිම අඩුවෙන් වැටෙන දවස්වල(තාමත් ගොඩක් කමෙන්ට් වැටෙන්නෙ නෑනෙ...)එක කමෙන්ට් එකක් හරි දාන්න උත්සුක වෙච්ච එක ගැන ඇත්තටම මම හුගක් ස්තුති කරන්න ඕන...
Deleteසුබ පැතුම් :) අලුත් වැඩේටත් නිර්දේශ උන එකටත් දෙකටම!
ReplyDeleteබොහොම ස්තුතියි සබිත්
Deleteහැමදාමත් මුළු හිතින්ම ඔයාට ජය අක්කි....මම කමෙන්ට්ස් දැම්මත් නැතත් අවන්කවම මේ බ්ලොග් ඒකට වගේම ඔයාටත් මම කැමතියි.
ReplyDeleteජයෙන් ජය!
බොහොම ස්තුතියි නන්ගියො...
Deleteසුභ පැතුම් අක්කියෝ.. ගොඩ දවසකින් බුකියේ පැත්තේවත් බ්ලොග් පැත්තේ වත් ආවේ නැති නිසා පොස්ට් ගොඩාක් මඟ ඇරිලා. හෙමිට කියවන්න ඕනේ..
ReplyDeleteජය වේවා.. :)